30 කොටස

1.1K 175 31
                                    

"අඩෝ සිත්රු.... සත්නිදු ඉක්මනට වරෙන් බන් අන්න අරෙහේ සදෙව් වෙරෝන් එක්ක වලියක්"

අපේ බැජ් එකේ කොල්ලෙක් ඇවිත් කියද්දි මම නිදුවත් දාලා දුවලා ගියේ ලයිබ්‍රිය පැත්තට...

මම එතනට යද්දිත් ලයිබ්‍රි හෝල් එක ලග තියෙන ලොකු ඇහැළ ගහ යට ටික දෙනෙක් වට වෙලා ඉද්දි මම ඒ අයවත් පැත්තකට කරගෙන යද්දි සදෙව් වෙරෝන්ට බිම දාගෙන ගහනවා..
එයාගේ ඒ හැසිරිම දැකලා මොහොතකට මම ගල් ගැහිලා යද්දි ආයේ සිහියට ආවේ රුචියගේ හඩින්

"අනේ සිත්රු සදෙව්ව නවත්තගනින් බන් නැත්තන් අද වෙරෝන්ව මරයි"

ඉක්මනට එයා ලගට දුවලා ගියපු මම එයාව වෙරෝන්ගේ ඇගෙන් ගලවගන්න හැදුවත් මේකා මාවත් තල්ලු කර කර ආයෙත් පැනලා වෙරෝන්ගේ මූණටම දමලා අරිනවා

"සදෙව් ඔය ඇති.... මෙහෙ එනවා!"

"පලයන් අහකට.. මම අද මූව ඉතුරු කරන් නෑ"

"සදෙව් කියන දේ අහලා ඕක නවත්තගන්නවා.. ඔය මනුස්සයා මැරෙයි"

"මුව අද මම කොහොමත් මරනවා..ආයේ මේ කුණු කටින් එක වචනයක්වත් පිටවෙන්න බැරි විදියටම මම මූව නැති කරලා දානවා.. පාහරයා! "

චටාස්...

"ඕක නවත්තපන් සදෙව්!!!.. දැන් ඇති හොදටම ඇති ම්ම්.. තොට ඕන මූව මරලා මිනිමරුවෙක් වෙන්නද ආ යකෝ..?
හරි උබට ඕන මූව මරන්නනේ නේ? එහෙනම් ඒක මම කරන්නම් මම මගෙ අත්දෙකෙන්ම මූව මරලා හිරේ යන්නම්.."

ජීවිතේ පලවෙනි පාරට මම එයාට අතක් ඉස්සුවා...
වියරුවෙන් වගේ වෙරෝන්ට ගහන එයාව නවත්තගන්න බැරි තැන ඒ සිනිදු කම්මුලක මගේ ඇගිලි පාර හිටින්නම මම කනේ පාරක් දුන්නා... කනේ පාරේ සැරට එයා පැත්තකට විසික් වෙලා යද්දි මම එයාගේ බාගෙට බොත්තම් කැඩිලා පොඩිවෙලා තියෙන ෂර්ට් එකේ කොලර් එකෙන්ම ඇදලා මගේ ලගට ගත්තා... තාමත් කම්මුල අල්ලගෙන ඇස්වල කදුලු පුරවන් ඉන්න එයාව දැකලා මගේ පපුව පිච්චිලා ගියා...

උබට ගහපු පාරට උබට වඩා රිදෙන්න මට බන්..

එයා දිහා තවත් බලන් ඉන්න බැරි තැන මම එයාව ඇතැරලා සිහියත් අසියත් අතර ඉන්න වෙරෝන් ලගට ඇවිත් උගේ බෙල්ලෙන් අල්ල ගද්දි උගේ නහයෙන් කටින් ගලන ලේ මගේ අත්වල තැවරුනා...

මා හදෙහි සිත්රු (TK)Où les histoires vivent. Découvrez maintenant