22 කොටස

1.2K 169 25
                                    


"එහෙනම් ඔක්කොම හරිනේද කොල්ලනේ..."

"හරියෝ...දැන් ඉතින් යන්න තමා තියෙන්නේ අයියේ"

"එහෙනම් හරි....නේජ අයියා කිව්ව නිසා තමා මම සත්නිදුට බය නැතුව ඩ්‍රයිව් කරන්න දෙන්නේ"

"ඒ ගැන බය වෙන්න එපා නවිරු අයියේ"

"හරි එහෙනම් අපේ කාර් එක පස්සෙන්ම එන්න හොදේ..."

එහෙම කියලා අයියා එයාගේ කාර් එකට නගිද්දි මෙච්චර වෙලා සදෙව් එක්ක කතාවක හිටපු කිරුළු අයියත් ගිහින් කාර් එකට නැග්ගා..

අපේ කාර් එකේ ඩ්‍රයිවර් නිදුවා වෙද්දි නිදුවගේ තනි රකින්න එහා පැත්තෙන් වාඩි වුනේ රුචියා...සදෙව්තුයි මමයි සුපුරුදු පිටිපසු අසුනට ගොඩ වුනා...

රැ හත පහුවෙලා අපි කොලඹින් නුවරට යන්න පිටත් වුනා...

තනිකරම අපේ කාර් එක ඇතුලේ මියුසිකල් ශෝ එකක් වගේ වෙද්දි රුචියයි මමයි තරගෙට සින්දු කිව්වා..හොද වෙලාවට කාර් එකේ ශටර්ස් වහලා තියෙන්නේ නැත්තන් පාරේ යන අනිත් වහන වල මනුස්සයෝ බය වෙයි අපේ තාලයක් නැති බෙරිහන් දීමකට සමාන මේ සින්දු අහලා..

"හේ බුල්ටෝරනේ... Fireeeeeee...fire !!!"

එකපාරටම රුචියගේ බෙරිහන් දීමත් එක්ක ඒ ඇහුන මියුසික් එකට රුචියා හැර අපි තුන්දෙනාම ගැස්සිලා ගියා... නිදුවා බය වුන පාරට එක පාරම පාර මැද්දේ බ්‍රේක් කරද්දි පිටිපස්සෙන් ආපු බයික් එකේ මනුස්සයා අපිට සුද්ද සිංහලෙන්ම අමතලා යන්න ගියා..

"මොන හු#ත්තක්ද යකෝ කරන්නේ.."

නිදුවට හොදටම යකා නැගලා සින්දුවත් නවත්තලා දාලා රුචියට බනින්න ගත්තා...

"ඒක සින්දුවක්නේ නිදු.."

"සින්දුවක් විත්තිය මමත් දන්නවා..තමුසේ මොකටද ඔය බෙලෙක්කේ හොල්ලන්න ගත්තේ ආ කෙල්ලෙක් නේද තමුසේ.. බය වුන පාර තාමත් මගේ පපුව ගැහෙනවා එළියට පනින්න වගේ..බලනවා වෙච්ච දේ පාරේ යන මිනිස්සුන්ගෙනුත්
කුණු බැනුන් අහන්න වුනා රෙද්ද.."

"ස..සමාවෙන්න.."

නිදුවා හුස්මක්වත් නොගෙනම බැනගෙන යද්දි බිම බලන් හිටපු රුචී අන්තිමට සමාවෙන්න කියලා හිමිට මුමුණලා කාර් එකෙන් බැස්සා..
නිදුවා තාමත් වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව බලන් ඉද්දි සදෙව්ගේ පැත්තේ දොර ඇරපු රුචියා සදෙව්ව එහාට කරගෙන වාඩි වෙද්දි අන්තිමට සදෙව් ඇවිත් මගේ ඇගේ ඇලිලයි නැවතුනේ....

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now