62 කොටස

813 132 32
                                    


"අප්පේ කවුද මේ කොණ්ඩ කුරුල්ලා?"

"අනේ ආච්චි අම්මේ.."

"ඇත්තටම බොල සුදුවෝ මොකෝ මේ වුනේ?"

"ඇත්ත වශයෙන්ම කියනවනම් ආච්චි ඔයාගේ චූටි මුණුබුරාට මල්සරා විදලනේ ඒකයි ඔය.."

"මොන සරා කිව්වා?"

අපි හැමෝම වලව්වට ඇවිල්ලා පැයබාගයක්වත් යන්න නෑ තාම..  සීලාවති නැන්දා දවල් කෑම මේසේ ලෑස්ති කරනකන් අනිත් හැමෝම තමන්ට වෙන් වුන කාමරවලට ගියත් ආච්චි අම්මා නෙවෙයි මට එයා ලගින් අඩියක්වත් හෙලවෙන්න දුන්නේ... එයා මගේ පාට කරපු කොණ්ඩේ නිසා මාව විහිළුවට අරගෙන..
මෙච්චර වෙලා පුංචිම හරි සැනසීමක් තිබ්බනම් ඒක නැත්තටම නැති වෙලා ගියේ නිදුවගේ හැකර කටේ සද්දේ ඇහුන නිසා... හරිම අගෙයි දැන් දෙන්නා එක්කම මාව ආතල් එකට ගනියි

මම සසර කලකිරිච්ච ගානට ඔහේ කිරි සුදුපාට බිත්තියේ ගහලා තියෙන රාජ සිංහ රජ්ජුරුවොන්ගේ කියලා හිතෙන පින්තූරේ දිහා බලන් උන්නා...

"සරා අනේ මල් සරා...ඔයා දන්නේ නැද්ද ආච්චි ඔය මල් සරා මෙන්න මෙහෙම ඊතලේ අරන් දුන්නට තියලා විදිනවා කෙලින්ම හාටුවටම වැදෙන්න.."

"අපේ අප්පෝ....ඒකා මිනිමරුවෙක්ද?"

"හයියෝ නෑ අනේ මල් සරා තමා තනිකඩයොන්ට ලව් එකක් සෙට් කරන්නේ"

"හැබැවට.."

"ඔව් අර සිංදුවකුත් තියෙන්නේ.. මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා....හී සෑරය මා සිත වෙනසක් කලා.. කියලා අන්න ඒක තමා දැන් ආච්චිගේ මේ සුදු පුතාටත් වෙලා තියෙන්නේ"

නිදුවා රසකාරක දම දමා කියන බොරු ආච්චි අම්මත් රහා කර කර අහන් උන්නා...

"සුදුවෝ මේ දරුවා කියන්නේ ඇත්තද..
උබ කොළඹ කෙල්ලක් එක්ක පැටලුනාද?"

"මුගේ බොරු ආචිච් අම්මේ"

"ඇත්ත වුනත් බොරුවුනත් කමක් නෑ එහෙම සම්බන්ද කමක් තියෙනවනම් දැන්හ නතර කරපන් සුදුවෝ..මොකද ඔය නගරන් කෙල්ලෝ උබට ගැලපෙන්නෑ..මට පුලුවනි හොද උගත් , බුද්ධිමත් , හැඩකාර වගේම අහින්සක කෙල්ලෙක්ව උබට හොයලා දෙන්න.."

මා හදෙහි සිත්රු (TK)Où les histoires vivent. Découvrez maintenant