86 කොටස

778 106 40
                                    

මංගල යෝජනා අරන් ආපු දිසානායක වලව්වේ උදවිය යන්න යද්දි මුලු සූරියබණ්ඩාර වලව්ව පුරාම නිහැඩියාව රජ කරන්න ගත්තා...

මේ නිහැඩියාවට හේතුව වෙච්ච මම ආච්චි අම්මගේ තාත්තගේ වගේම අම්මගෙත් දිහා මාරුවෙන් මාරුවට බලන්න ගත්තේ එයාලගේ තීරනේ මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුව..

මගේ එහාපැත්තේ වාඩි වෙලා උන්න සදෙව්ගේ බිම බලාගෙනහ ඉද්දි එයාගේ අත අල්ල ගත්තු මම හිමින් සරේ ඒ අත පිරිමදින්න ගත්තා...එයා විතරක් නෙවෙයි නොපෙන්නුවට මමත් ඉන්නේ බයෙන් තමයි... අපි දෙන්නම අපි දෙන්නගේ ජීවිතේ පවුලට මුල් තැන දුන්න අය වෙද්දි එයාලා අපිට අකමැති වුනොත් එකපාරටම පවුල අතාරින්නේ කොහොමද කියලා හිතාගන්න බෑ...කොහෙත්ම ඒ දේ කරන්න ශක්තියක් අපිට ලැබෙයිද කියලත් සැකයි ඒත් එහෙමයි කියලා අපි දෙන්නට බෑ අපෙන් ඈත් වෙන්න

මට මතක් වුනේ මීට පැය බාගෙකට විතර කලින් මම කිව්ව දේ නිසා ආච්චි අම්මගේ මූණ වෙනස් වුන විදිය...

කෑම මේසෙදි මම සදෙව්ට ආදරේ කිව්වත් ඒක කාටවත්ම එච්චර ගාණක් නොවුනේ එතන තියෙන්නේ උතුරා යන සහෝදර ප්‍රේමයක් කියලා හිතපු නිසා වෙන්න ඇති...

කාලා ඉවර වෙලා ආයෙත් කට්ටිය වට වෙලා කතා කරන්න ගද්දි ආදාල මාතෘකාව ඇදිලා එනවත් එක්කම මම කෙලින්ම මගේ උත්තරේ දුන්නා

"සමාවෙන්න ඕන දිසානායක හාමු..ඒත් මට මේ යෝජනවාට කැමති වෙන්න බෑ.."

"පොඩි සූරියබණ්ඩාර හාමුගේ අකමැත්තට හේතු කිව්වනම් මොකද මගේ දුවට අකමැති වෙන්න තරන් අඩුපාඩුවක් ඇත්තේ නෑ නොවැ"

"දිසානායක පොඩි මැණිකෙට මම අකමැති වෙන්නනම් හේතු ගොඩයි ඒ අතරින් මම ප්‍රධානම හේතු දෙකක් කියන්නම්කෝ.."

මම එහෙම කියද්දි සදෙව්මි සාරි පොටත් අතට පොඩි කරගෙන අඩන්න ඔන්න මෙන්න මූණ හදාගෙන දිසානායක ලොකු මැණිකේ දිහා බලද්දි අම්මා දූ පොඩ්ඩව නලවන්න හැදුවා..

අනේ උබ ඇඩන්න හැදුවා නෙවෙයි මෙතන බිම පෙරලි පෙරලි ඇඩුවත් මට කමක් නෑ නන්ගේ..

මම අපේ ආච්චි අම්මගේ රැවුම් නොදැක්ක ගාණට ඉදන් දිසානායක හාමුට උත්තර දෙන්න ගත්තා

මා හදෙහි සිත්රු (TK)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin