31 කොටස

1.2K 168 43
                                    


පැය දෙක තුනක්ම ගෙවිලා ගියා.....
තාමත් සදෙව් කිසි සද්දයක් නෑ..ඩොක්ටර් කිව්වේ දැන් එයා ඉන්නේ තද නින්දේ කියලයි..ඉතින් මම එයාගේ ඇද ලගින් වාඩි වෙලා ඉදන් මම ආසම දුබුරු පාට ඇස් පියවිලා තියෙන දිහා බලන් උන්නා....එයාගේ තොල අග පැලිලා තව නළලෙත් තිබ්බ තුවාලෙකට බෙහෙත් දාලා..මගේ අත් අස්සට හිර වෙලා තියෙන අතත් තැනින් තැන හිරිලා ඒ හිරිච්ච පාරවල් රතු වෙලා

මට හිතාගන්න බෑ ඇත්තටම ඒ ගෙවුන පැය කිහිපය ගැන.. ඒක හරියට හීනයක් වගේ මම කවමදාවත් බලාපොරොත්තු වුකේ නෑ ඒ වගේ සදෙව් කෙනෙක්ව..

ඉස්සර මම විහිළුවට කිව්වත් එයාට ඩෙවිල් එන්ජල් කියලා මම ඇත්තටම එයාගෙන් එහෙම දෙයක් දැක්කේ ඒ රන්ඩුව වෙලාවෙදි

උබට ඔය නපුරු ගතිය ගැලපෙන්නැ සදෙව්..උබට ගැලපෙන්නේ නිවුන ගතිය..එතකොට උබ හැබෑම සුරදූතයෙක් වගේ

ඉක්මනට අවදි වෙයන් මැණික මට හරි පාලුයි...ඔය නිදා ගත්තා මදිද දැන්

මම එයාගේ ඇදෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා...
මගේ ඔලුවටත් හරි බරයි මෙහෙම හිටියට..

වුන හැමදේම ගැන කල්පනා කරන අස්සේ මට යන්තමට හිනා ගියේ නිදුවටයි  ප්‍රොෆෙසර් විනෝද්ටයි වුන දේ නිසා..
පව් අහිංසකයෝ දෙන්නගේ බත් කාඩ් එකේ ඩොක්ට නේජ කපලා දැම්මා..

ප්‍රොෆෙසර් නේජ අයියා එක්ක කතා කරලා වෙරෝන්වත් බලලා නිදුවයි රුචියවයිතුත් එක්කරගෙන ආයේ කැම්පස් එකට යන්න ගියා...

ඊට ටික වෙලාවකට පස්සේ වෙරෝන්ගේ අම්මා කියලා හිතන්න පුලුවන් නැන්දා කෙනෙක් ඇවිත් අපේ අයියත් එක්ක කතා කරා.. එයානම් හරි සුහදව කතා කරේ එයත් කැමති වුනා මේ ප්‍රශ්න දුරදිග නොයවා මෙතනින්ම විසදලා දාන්න..

අයියයි මමයිතුත් තීරණේ කරා ඒ නිසාම මේ ගැන අම්මට නොකියා ඉන්න.. නිකන් එයාව කලබල කරවන්න ඕන නෑනේ අනික අම්මා පොඩි හාමුත් එක්ක නුවර ගියානේ..

ඔලුව ගහන් හිටපු මට නොදැනිම නින්ද ගිහිල්ලා ඉද්දි
ලගින් ඇහුන කටහඩවල් නිසා මම අවදි වුනා..ඒත් ඒ සදෙව්ගේ වගේම නිදුවගේ හඩවල් කියලා අදුරගත්තු මම අවදිවුන වගක් නොදන්වා නිදිවගේම ඉදන් ඩබලගේ කතාවට ඇහුන්කන් දුන්නා

මා හදෙහි සිත්රු (TK)Opowieści tętniące życiem. Odkryj je teraz