60 කොටස

943 135 23
                                    

"මේ මේවා පැහිලානේ බන්?"

"ඕවා තාම ගැට යකෝ..කඩන්න එපා මේ කඩපුවා ඇතිනේ"

"ආ බොරු නොකිය ඉදපන් සිත්රුවා උබට ඔතනට පේනවනේ මේවා ගැට කියලා..ඕකට කියන්නේ තියෙන කුණු කම අඹ ගෙඩියක් කඩා ගන්නවට ඔච්චර අකමැතිද චි චි.. මම හිතුවේ උබ මගේ බොක්ක කියලා..."

"අනේ ඉතින් උබට කියන කට හොදයි මම මේ තාප්පේ උලා ගන්නවා.. උබට ඕනනම් ඔය ගහේ අඹ ඔක්කොම කඩපන් හැබැයි පරිස්සමෙන්..අත්ත උඩ නටන්න එපා උබ වදුරා වගේ.."

උදේ ගෙදරට ආපු වෙලේ ඉදන්ම නිදුවගේ කටේම තිබ්බේ අඹ කඩමු කියලා වෙද්දි අන්තිමට ඒකාගෙ වදෙන් බේරෙන්න බැරිම තැන මම තාප්පේ ගාව තියෙන අඹ ගහට නගින්න ඌට සපෝට් එකක් දුන්නා...මේ අප්‍රේල් මාසේ නිසා ගහේ අඹ පිරිලා..දැන් පැයක් තිස්සේ මේකා ගහේ ඉල්ලිගෙන වදුරෙක් වගේ අඹ කඩනවා බිමට දානවා..
ගැට කඩන්න එපා කියද්දි මේ බූරු පුතානෝ හිතන්නේ මම අඹ කඩනවට තරහේ කියලා..අනේ ඇයි මම තනියෙම ගිලින්නනේ ඔය තියන් ඉන්නේ
මට ප්‍රශ්නයක් නෑ මේකා අඹ ගහම හින්දා වුනත්. මට බය මේ වදුරා සරමකුත් ඇදන් ගහට නැගලා බිම ඇදගෙන වැටෙයිද කියලා.. කොන්ද එහෙම කඩා ගත්තොත් නේජ අයියට කියලම හදාගන්න බැරිය ඉතින් මූට

"අනේ සිත්රුවෝ...."

"ඒ පාර මොකද වදේ..?"

"ඔහොම සැරෙන් අහන්න එපා බන් පුංචි හිත ගැස්සෙනවනේ"

"අනේ තෝ මගේ කට අවුස්සගන්නේ නැතුව බෙරිහන් දෙන්නේ මොකද කියපන්"

"අනේ බන්..මේ...මේකයි බන්.."

"තටමන්නැතුව ඉක්මනට කියපන්කෝ නිදුවා..මට ඇදගන්නත් තියෙනවා වුත්තෝ"

"අනේ වුත්තෝ මගේ සරම ලිහුනනේ"



"අනේ වුත්තෝ මගේ සරම ලිහුනනේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now