" ඔයා ආයෙත් පැනලා යන්නද හදන්නේ තාත්තේ..?"
ජීවිතේ පලවෙනි වතාට මම එයාට තාත්තා කිව්වා...ඒක නිකම්ම නිකන් වචනයක් නෙවෙයි හදවතටම දැනෙන වචනයක්...
මගේ වචනත් එක්ක ඉස්සරහට යන්න ගියපු තාත්තා නැවතුනා...එයා ආයේ මගේ පැත්තට හැරුනත් මා ලගට ආවේ නෑ..ඇස් වල කදුලු පුරවන් බලන් උන්නා
තාත්තගේ මූණ පුදුමයකින් පිරිලා තිබ්බා..එයාට ඒ ඇහුන දේ හරියටම විශ්වාස කරන්න බෑ වගේ පෙනුමක් එවෙලේ මම එයාගෙන් දැක්කේ.."මම ඔයාගෙන් ප්රශ්නයක් ඇහුවා තාත්තේ.."
"ම්..මගෙ පුතේ.."
මගේ ලගට අඩියට දෙකට ආපු තාත්තා මාව ඇදලා අරන් ඒ පපුවට තුරුලු කරගත්තා වෙද්දි මම හරි ආසාවෙන් තාත්තගේ පපුවේ උණුහුම වින්දා..මම කවමදාවත් බලාපොරොත්තු වුනේ නෑ මට මේ උණුහුම විදින්න පුලුවන් වෙයි කිවලා..
තාත්තෙක් ලගදි දරුවෙක්ට ලොකු ආරක්ෂාවක් , ආදරයක් වගේම ගෞරවයක් දැනෙනවලු ඉතින් මම හිතන්නේ අද මට ජීවිතේ පලවෙනි පාරට ඒ හැගීම් දැනුනා..."ඔයාට තාමත් මාව දාලා යන්න ඕනද තාත්තේ?"
"නෑ...මම කොහෙවත් යන්නෑ මම මගේ පුතාව දාලා කොහෙවත් යන්නෑ..තව එක පාරක් තාත්තේ කියලා කතා කරපන් පුතේ.."
"මම ඔයාට යන්න දෙන්නෙත් නෑ තාත්තේ...මට මගහැරුණ ඔයාගේ ආදරේ මට විදින්න ඕන..මට ඒ අයිතිය දෙන්න තාත්තේ.."
මගේ වචනත් එක්ක තාත්තා සතුටින් මගේ හිස්මුදුනට ගණින්න බැරි තරමට හාදු තවරද්දි මම තවත් ටිකක් තාත්තට තුරුළු වුනා...
මම කොච්චර කරදඩු උස්මහත්වුන කොල්ලෙක් වුනත් මට මේ මොහොතේ තාත්තගෙ තුරුලට වෙලා ඉද්දි දැනුනා මම එයා ලග තාමත් පුංචි එකෙක් වගේ කියලා...මහා රුස්ස ගහක හෙවණක් විදිනවා වගෙයි මට දැනුනේ..මම මගේ හිත අස්සේ හිර කරලා ඉන්න ඒ පුංචි දරුවට එළියට එන්න ඉඩ දුන්නා..ඒ පුංචි දරුවට අයිතියක් තියෙනවා තමන්ගේ තාත්තගේ ආදරේ ලබන්න..
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...