83 කොටස

765 98 31
                                    

මහාධිකරණ විනිසුරුතුමාගේ පැමිණිමත් එක්ක ඔහුට ගෞරව දක්වන්න වාඩි වෙලා උන්න හැමෝම අසුන්වලින් නැගිට්ටා...

උසාවියේ වැඩ කටයුතු ආරම්භ වුනා...

මේ නඩු විභාගේ පලවෙනි නඩුව අභියාචනාධිකරණයේ පැවැත්වුනත් ජූරි සභාවක් ඉදිරියේ නඩු විභාග කරන්න පුලුවන් එකම අධිකරණය මහාධිකරණය නිසා අද නඩුව පැවැත්වෙන්නේ මහාධිකරණයේ මහාධිකරණ විනිසුරුවරයා හා ජූරි සභාවක් ඉදිරියේ..

ජූරි සභාවේ දිවුරු දීමත් එක්කම රෙජිස්ටාර්වරයා විසින් අධිචෝදනා පත්‍රය ජූරි සභාවට කියවන්න ගත්තා

"නඩු අංක 8900... 2024  '2016 මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ වංචා නඩුව නැවත කැදවීම' හා
' මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කල වෙදද්‍ය අරුණ ජයසූරියගේ මරණය
මිනිමැරුමක් බව ඔප්පු කිරිම'.."

"ඉහත සදහන් මිනිමැරුම් නඩු ද්විත්වයටම මෙහි සිටින චූදිතයා වැරදි කරු බවට පැමිණිලි පාර්ශවය චෝදනා ඉදිරිපත් කරයි"

ඇමති සිල්වට විරුද්දව තියෙන මිනිමැරුම් චෝදනා දෙක ගැන කියද්දි මිනිහගේ මූණේනම් කිසිම පසුතැවිල්ලක සේයාවක් රැදිලා තිබුනේ නෑ...


"ඉහත කී පරිදි අධි චෝදනා පත්‍රයෙහි චූදිතයාට විරුද්ධව කර ඇති චෝදනා ද්විත්වය අතුරින් කිසියම් චෝදනාවකට හෝ ඔහු වරදකරුද වරදකරු නොවේද යන වග ඒ සාක්ෂි අනුව ස්වකීය තීන්දුවෙන් තීරණය කිරීම ගරු ජූරි සභාවේ කාර්ය වන බව මා දැනුම් දෙමි"

විනිසුරුවරයා අවසානේ ජූරි සභාවට එසේ දැනුම් දී එතුමාගේ දේශනාව අවසන් කරා..

ඒත් එක්කම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 218 වන වගන්තිය අනුව පැමිණිල්ලේ නීතිඥයා හෙවත් චෝදක පක්ෂයේ නීතිඥවරයා විදියට මම නැගිටලා මගේ රාජකාරිය කරගෙන ගියා..

""ගරු විනිසුරුතුමාගෙන් අවසර..ගරු ජූරි සභිකයින්ගෙන්ද අවසර..මම පැමිණිල්ලේ නීතිඥයාගේ සහය නීතිඥ.."

මම මුලින්ම වරදේ ස්වභාවය, චූදිතයාගේ වරදකාරීත්වය ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සාක්ෂි පිළිබඳව කෙටියෙන් ප්‍රකාශ කරමින් නඩුව ආරම්භ කරා..

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now