"දැන් කීයටද එන්නේ..ඤං පචං ගාන්නේ නැතුව හරියට කතාවෙලා කියනවලකෝ හැහදාම උබලා මාව රස්තියාදු කරනවා..""අයියෝ බන් දැන් සැරයකුත් කිව්වනේ හයහමාර වෙද්දි අපි එන්ට්රන්ස් එක ලග ඉන්නම්..උබ හොද එකා වගේ රුචියවත් එක්ක වරෙන්.."
"හරි එහෙනම් වෙලාවනම් වෙලාව හොදේ.."
ඇති යන්තන්...නිදුවා කෝල් එක කට් කරාම මම හොද හුස්මක් ගත්තා මූ එක්ක බෑ කියවන්න ගත්තම ඉවරයක් නෑ
"නිදුවා කියන කතාවෙත් වරදක් නෑනේ.."
"ආ ඒ පාර ඔයත් පටන් ගත්තද.."
ස්පීකර් ඔන් කරලා තිබුන නිසා නිදුවා කියපු හැමදෙයක්ම මගේ එහාපැත්තේ ඇදේ නිගැරිලා ඉන්න සදෙව්තුත් අහගෙන හිටියේ...එයත් නිදුවගෙම බනේ පටන් ගන්න හදන්නේ
"පටන් ගත්තා නෙවෙයි මම කියන්නේ ඇත්ත..ඔයාගේ Time management නම් අන්තිමයි සිත්රු අනාග ලෝයර් කෙනෙක් වෙන්න නේද ඉන්නේ ටිකක් වෙලාවට වැඩකරන්න පුරුදු වෙන්න.."
"හා හා හරි අනේ...ඕක හැමදාම කියනවනේ මට දැන් කටපාඩම්"
"හැමදාම කිව්වත් තමුසේ හැදෙන්නේ නෑනේ"
"ආයිහ්...මොන ලබ්බක්ද.."
මෙච්චර වෙලා එයා බදන් හිටපු කොට්ටෙන් මට දමලා ගහද්දි ඒක ඇවිල්ලා කෙලින්ම මගේ මූණෙම වැදුනා
"මම කියන්නෑ ලබ්බ..ඇති වැලේ.."
"වැලේ තියෙන්නේ උදේ හෝදපු ජොක්කු ටිකනේ"
"මෝඩ ඇටිකුකුළා.."
"කුකුළා කියන්න එපා මම එහෙම නෑ හරිද.."
"ආයිශ්..තමුසෙ එක්ක කතා කරන මටයි ගහන්න ඕන.."
"ඕනනම් මට පුලුවන් ඉතින්"
"මොකද්ද?"
"ගහන්න.."
මම අදහස් කරපුදේම තේරුම්ගත්ත එයාගේ මූණ රතුවෙන හැටි මම බලන් හිටියේ හරි ආසාවෙන්
"එහාට පල මෝඩ මූසිලයා.."
"මම මූසිලනම් තමුසේ කේවට්ටයා...ඒ හූ..ඇහුනද කේවට්ටයෝ හොදට නාගන්නවා"
මට කෑ ගහපු එයා ඇදේ වාඩි වෙලා හිටපු මාව ඇද උඩට වැටෙන්නම තල්ලුකරලා දාලා බාත්රුම් එක ඇතුලට පැනගෙන දොර වහගත්තා..
ESTÁS LEYENDO
මා හදෙහි සිත්රු (TK)
Fanficඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...