33 කොටස

1.1K 159 23
                                    

සදෙව් pov

මම දන්නැ මම මේ කරන දේ හරිද කියලා..ඒත් මට මගේ හිත නිදහස් කරගන්න ඕන..
මගේ හිතේ සිත්රු ගැන මොන වගේ හැගීමක් තිබ්බත් මගේ හිතට වද දෙන මේ ප්‍රශ්නේ මගේ හැගීම්වලට අද ලොකුම බාදාවක් වෙලා..

එයාගේ කොණ්ඩේ පිහිදන මුවාවෙන් ගලවගත්තු කෙස් ගස් දෙක තුන පරිස්සමට අතට ගුලිකරගත්තු මම එයා යනකන් බලන් ඉදලා දුවගෙන ආවේ අයියගෙම තවත් යාලුවෙක් වෙන ඩොක්ට හේමන්ත ගාවට..

"එක්ස්කියුස් මී ඩොක්ටර් හේමන්ත"

"ආ සදෙව් පුතා එන්න ඇතුලට...
වාඩිවෙන්නකෝ ඉතින්.."

ඩොක්ටර් මට කතා කරද්දි මම ඇතුලට ඇවිත් ඩොක්ටර්ගේ මේසේ ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි වුනා

"දැන් පුතාට මොකද්ද මගෙන් වෙන්න ඕන කිව්වනම්"

"ඩොක්ටර් මට මේවගේ DNA ටෙස්ට් එකක් කරලා ඕන.."

මම කිව්වේ පරිස්සමට වෙන් කරලා පොඩි ඉටි බෑග් දෙකක දාලා තිබ්බ කෙස් සාම්පල් ටික ඩොක්ටර්ගේ මේසේ උඩින් තියන ගමන්...

"ඕකේ පුතා ඔයාට දවස් දෙකකින් පස්සේ රිපෝට් එක ලැබෙයි ඔයා හදිස්සියි කිව්ව නිසාමයි මම මගේ යාලුවෙක්ට කියලා වැඩේ ඉක්මන් කරවගත්තේ..."

"ගොඩක් ස්තූතියි ඩොක්ටර්...ඒ වගේම මට පුලුවන්නම් තව උදව්වක් කරන්න"

"කියන්න පුතා.."

"මේ ගැන අපේ අයියට දැනගන්න දෙන්න එපා ඩොක්ටර්.."

"හ්ම්.. ඕකේ පුතා මේ වරදක් නොකරනවා කියලි හිතෙන නිසා මම එහෙම කරන්නම්කෝ.."

"ගොඩාක් ස්තූතියි ඩොක්ටර්.. මම වෙලාවටම එන්නම්"

"හරි පුතා..."

ඩොක්ටර් හේමන්තගේ රුම් එකෙන් එළියට ආපු මම
කෙලින්ම දුවන් ආවේ ගාර්ඩන් එක පැත්තට මොකද හරිනම් දැන් මම ෆෝන් එක අරන් එන්න ගමන් දෙක තුනක්ම ගියපු වෙලාව වගේ...

බෝගන්විලා ගහා යට තියෙන බංකුවේ වාඩි වෙලා ඉන්න එයාව දැකලා මට ලොකු හුස්මක් පිටවුනා..

මට සමාවෙන්න අභී....මේ හැමදේම ඔයාගෙම හොදටයි මම කරන්නේ නැතුව මට ඔයාගෙන් කිසි දෙයක් හන්ගන්න උවමනාවක් නැහැ...
අපි ටිකක් ඉවසලා බලන් ඉමු මම හිතන දේ හරියි කියලා ඔප්පු වුනොත් මම ඔයාගේ හැම අයිතියක්ම ආපිට ඔයාට අරන් දෙනවා..ඒක මම මටම වෙන පොරොන්දුවක්

මා හදෙහි සිත්රු (TK)Tahanan ng mga kuwento. Tumuklas ngayon