21 කොටස

1.2K 189 56
                                    


දවසින් දවස ගෙවිලා යනවා...
අපි හැමදාම එකම ජීවනරටාවකට හුරුවෙලා
දවස ගෙවලා දානවා..
කැම්පස් එකෙන් ගෙදරට ගෙදරින් කැම්පස් එකට..හරිම ඒකාකාරියි

අයියා ගැන කතා කරොත් එයා ගෙවන ජීවිතේ අපිටත් වඩා අන්තයි රැයක් දවාලක් නැතුව එයාගේ දවස් හොස්පිටල් එක ඇතුලෙම ගෙවිලා යනවා

මිනිස්සු වුනාට මොකද අපිත දැන් හරියට රොබෝලා වගේ
මනුස්සයෙක් වැඩ කරන්න ඕන මහන්සි වෙන්න ඕන තමන්ගේ අනාගතය වෙනුවෙන්...ඒත් එහෙමයි කියලා තමන්ගේ නිදහස සීමා කරගන්න හොද නෑ..තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් වෙලාවක් කැප කරන්න හැමෝම පුරුදු වෙන්න ඕන

අන්තිමට තමන් කොච්චර මහන්සිවෙලා තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගත්තත් තමන්ට තමන්ව අහිමි වෙලානම් තමන්ගේ මානසික සතුට අහිමි වෙලානම් කොයිතරන් දෙයක් ලබාගත්තත් අවංකව සතුටු වෙන්න බැරි වෙයි..

"දැන් එතකොට දවස් තුනක ත්‍රිප් එකක්ද අපි යන්නේ?"

"මේක ට්‍රිප් එකක් කියලම කියන්නත් බෑ ඉතින්..."

මගේ හිතේ තියෙන අදහස ගැන අනිත් තුන්දෙනාට කියද්දි නිදුවටනම් ප්‍රශ්න කෝටියක් විතර තිබුනා මගෙන් අහන්න

මූ එක්ක කතාකරලා බේරෙන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරිම වැඩක්

"මෙහේ ඉදන් මහනුවර යනවා කියන්නේ ඒකත් ට්‍රිප් එකක් තමයි..."

"හරි හරි මයේම්මා පොඩ්ඩක් ඔය කටවහගෙන හිටපන්කෝ මට කතාව ඉවර කරන්න දීලා.."

"ඒකනේ නිදූ ඔයා මැදින් ඇඩ් දාන්නැතුව ඉන්නවකෝ සිතුවට කතා කරන්න දීලා"

"අනේ මේ චුරු චුරු ඔයා එක්ක මගේ කතාවක් නෑ හරි..."

"අනේ මටත් තමුන් එක්ක කතාවක් නෑ ඇයි පැන පැන කතා කරන්න තමුසේ චාල්ස් කුමාරයද?...."

"හහ්..එතකොට තමුසේ එලිසබත් ද?"

"බත් මම කියන්නෑ තොට.."

"අනේ පල පලා මැස්සි.."

"නවත්තපියව්!!!!!.... උබලා එක්ක ට්‍රිප් නෙවෙයි ලෝක යුද්ධ ගැනයි කතා කරන්න පුලුවන්.. කොයි වෙලේ බැලුවත් කෙල ගන්න එකමයි.."

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now