16 කොටස 💜

1.4K 189 78
                                    

මමත් දැන් ප්‍රේමවන්තයෙක්...
ආදරේ කියන හැගීම කොච්චරක් ලස්සනද කියලා දැන් තමයි මටත් තේරෙන්නේ..
රුචියා හරි ආදරේට කොයින්චද භේදයක්....
Love is Love

එහෙනම් අන්තිමට සිත්රුටත් සිකුරා ලැබුවා..

"ආයි.. හු#තෝ ඔලුවට ගහන්න එපා"

"එහෙනම් කේප්ප වස්සෝ මනෝ ගහන් නැතුව ඉක්මනට ඕක ලියලා ඉවර කරහම්...මස්සිනා කියලා නෑ අර යකා ඔක්කොම ඉස්සරහා මගේ සායම හෝදලා දායි සල්ලයිට් ගාලම"

මෙන්න මේ හොදම යාලුවා කියලා ජීවියෙක් ඉන්නවා නේද වෙලාවකට මහාම මහා සාපයක්...නිදහසේ මගේ අප්‍රකාශිත ආදරේ ගැන හිත හිත හිටපු මගේ ඔලුව උඩට තඩි පොල් ගෙඩියක් වැටුනා වගේ වේදනාවක් දැනුනේ..මේ දොඩම් ඇටයා දමලා ඇරියා නේද උගේ සුප්පු වතුර බෝතලෙන්ම මගේ ඔලුවට පාරක්

ඔලුව හිල් වුනා වගේ..ලේත් එනවද මන්දා...නිදුවෝ මම උබව බේරේ වැවට විසිකරනවා බෙල්ලේ බර කලුගල් දෙකකුත් එල්ලලම

නිදුවයි මමයි ඉන්නේ මේ තඩි සියඹලා ගහක් යට හදලා තියෙන ගල් බංකු පේලියක කොණක වාඩි වෙලා....ප්‍රොෆෙසර් විනෝද් අපිට පොඩි ගෘප් වර්ක් එකක් කියලා දුන්නා නේන්නම් මහා පතරංග ජාතකේ වගේ එකක්.. දෙන්නා ගානේ ගෘප්වලට බෙදද්දි රයිගමයයි ගම්පොලයයි වගේ නිදුවායි මායිම සෙට් වුනානේ...

හිනා වෙන්න නෙවෙයි මේක අඩන්න දෙයක් මේවා ඇවිල්ලා සංසාර ණය ගනුදෙනු..

රුචියි සදෙව්තුයි එක ගෘප් එකක් වෙද්දි ඒ ඩබල පුස්තකාලෙට ගියේ අපි දෙන්නට ඒ පැත්ත තහනම් කලාපයක් කරලා..ඒක යකෝ හරි වැඩක්නේ නිකන් ඒ ඩබලගේ පුස්තකාලේ වගේ..ඕකට ඉතින් නිදුවා වලියට ගියත් සදෙව්ගෙ වචන නිසා මම නිදුවවත් ඇදන් මෙතනට ආවා

"ඔය දෙන්නා නිසා අපි දෙන්නටත් ලබ්‍රියෙන් ඉලියට යන්න වෙයි.."

එයා කිව්ව කතාවේ වැරැද්දක් නෑ ඉතින් නිදුවගෙයි මගෙයි කටට බ්‍රේක් නෑ..අපි සංවර ළමයි වුනාට අපේ කට අසංවරයි ඒකයි ප්‍රශ්නේ

ඉතින් දැන් පැය ගානක් තිස්සේ අපි දෙන්නා එක්ක පොත් පෙරල පෙරල ගූගල් එක පීර පීර අපිට ඕන විස්තර හොයනවා.... අන්තිමට කට්ටකාලා හොයාගත්තු විස්තර ටික පිලිවළකට මම ලියන්න ගත්තා ඒත් කොහෙද ඉතින් සිත්රු කොල්ලට දැන් මල්සරා මල් දුන්නෙන් විදලනේ ඒ නිසා හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි සදෙව්ගෙ පස්සෙම යනවා... එහෙම ගිහින් පෑනත් කටේ ගහගෙන මනෝ ලෝකේ හිටපු මාව දැකලා තමයි කෝච්චිය වගේ කියව කියව හිටපු නිදුවට උගේ ආච්චි වැහිලා මට ගැහුවේ


මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now