42 කොටස

1K 168 50
                                    

එකපාරටම මහා වැස්සකුත් කොහෙදෝ ඉදන් කඩා පාත් වෙන්න ගද්දි මගේ හිතට දැනුන මූසල හැගීම තව තවත් වැඩි වෙන්න ගත්තා...
නොදන්න දෙයියොන්ටත් වැද වැද මම හිතින් ප්‍රාර්ථනා කරේ එයාට කිසි කරදරයක් වෙන්න එපා කියලා වෙද්දි වැස්ස මැද්දේ බයික් එකේ ඇස්ලේටරේ උපරිම අල්ලලා ගියේ ඇස් කඩන් යන තරමට ඇවිත් වදින වැහි බින්දුවත් තබේකට ගණන් නොගෙන අමාරුවෙන් හීනියට ඇරන් උන්න ඇස්වලින් පාර බලාගෙන

මගෙ මැණිකගේ වෙලාවද නැත්තන් මගේ වෙලාවද කියලා මම දන්නෑ ඒත් අද අපි දෙන්නගෙම දෛවය අපි එක්ක මහා ලොකු සෙල්ලමක් කරනවා කියලා මට තේරුනේ ගිය වේගෙට පාරේ ලිස්සලා ගිය බයික් එක කාර් එකක වැදිලා මාව එක පැත්තකටත් බයික් එක එකපැත්තකටත් විසික් වෙලා ගිහින් නතර වෙද්දියි

හෙල්මට් එක නිසා ඔලුව බේරුනත් තාර පාරේ ලිස්සලා ගිය පාරට මගේ ඩෙනිම් කලිසම ඉරිලා ගිහින් වම් කකුල ලෙලි යන්නම තුවාල වුනා..පාරේ ගියපු වාහන එක දෙක නතර කරලා මිනිස්සු වැස්සෙම මගේ ලගට දුවන් එනවා පෙවුනත් අමාරුවෙන් නැගිට ගත්තු මම හෙල්මට් එක ගලවලා දාලා ඔලුව දෙතුන් පාරක්ම ගැසුවේ කැරකෙන ගතිය නැති කරගන්න..වේදනා දෙන කකුලත් අද්ද අද්දම මම මට එහායින් වැටිලා තිබ්බ බයික් එක ලගට දුවන්න ගත්තේ මම පරක්කු වෙන තත්පරයත් එයාගේ ජීවිතේට අනතුරක් බව හිත කෑ ගහන නිසා

බයික් එක ලගම වැටිලා තිබ්බ ෆෝන් එක අතට ගත්තු මට සැනසිල්ලක් දැනුනේ ඉරි දෙක තුනක් තිබුනත් ස්ක්‍රීන් එක තාම හොදට පේන නිසා
එහෙම්මම වැටිලා තියෙන බයික් එක නැගිට්ටවගත්ත මම බයික් එකට නැගලා දෙතුත් පාරක්ම ඒක ස්ටාට් කරන්න බැලුවත් බැරි වෙද්දි
දන්න දෙයියෝ බුදුන් සිහිකරලා හතරවෙනි පාර ස්ටාට් කරද්දි බයිත් එක ස්ටාට් වුනේ මගේ අස්වලින් කදුලුත් වට්ටගෙනමයි

බයික් එක ලගම වැටිලා තිබ්බ ෆෝන් එක අතට ගත්තු මට සැනසිල්ලක් දැනුනේ ඉරි දෙක තුනක් තිබුනත් ස්ක්‍රීන් එක තාම හොදට පේන නිසා එහෙම්මම වැටිලා තියෙන බයික් එක නැගිට්ටවගත්ත මම බයික් එකට නැගලා දෙතුත් පාරක්ම ඒක ස්ටාට් කරන්න බැලුවත් බැරි වෙද්දි දන්න දෙයියෝ බුදුන...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now