53 කොටස

913 144 55
                                    

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..

පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී..

මගේ කටහඩේ තාලෙටම එයාගේ හීනි දිගැටි ඇගිලි ගිටාර් එකේ තත් අතර එහා මෙහා යමින් මිහිරි සංගීත රටා මවද්දි මම දැහැනකට සමවැදුනා වගේ එයා දිහාම බලාගෙන සින්දුවේ ඉතුරු පද ටිකත් ගැයූවා..

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනූ ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...

ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්... පිරිමි ළමයෝ

අන්තිමට ගෑනු ළමයා කියන තැනට මගේ හදවතේ අයිතිය තියෙන්නේ අයිතිකාරයෙක්ට නිසා මම  පිරිම ළමයෝ කියලා පදේ වෙනස් කරලා කියද්දි ඒ වෙනස අපි වටේ හිටපු අනිත් සෙට් එකට නොතේරුනත්
එයාගෙනම් නාදලූ පාට දෙතොල් පෙති අතර හරි ආඩම්බරකාර හිනාවක් ඇදුනා..

"ඒකනම් පට්ට මචන්ලා...බලන් ගියහම මුන් දෙන්නම මල්ටි ටැලන්ටඩ් ජෝඩුවක්නේ"

අපේ බැජ් එකේ දිමුතුවා එහෙම කියද්දි අනිත්වුන් ටිකත් ඒකට එකගයි කියන්න අපිට අත්පුඩි ගහලා හොද චීයර් එකක් දුන්නා...ඉතින් එහෙමම කට්ටියගේ වැඩි ඉල්ලීමට අපි තවත් සින්දුවක් කියන්න පටන් ගත්තා..ඔහොම සින්දුවෙන් සින්දුව කියලා අපේ පුංචි සංගීත සාජ්ජේ ඉවර වෙද්දි හවස පහා විතර වුනා...

අද පෝයදවසේ අපේ සෙට් එකම විහාරමහාදේවී පාර්ක් එකට සෙට් වුනේ මේ දවස් ටිකේම එක්සෑම් නිසා හිතේ තිබ්බ ට්‍රෙස් එක නැති කරගන්න කියලා හිතන්..වැඩේ ඉතින් හිතුවටත් වඩා සාර්ථක වුනා
අන්තිමට කට්ටියගෙන්ම සමු අරන් එයයි මමයි ඉක්මනට ගෙදර එන්න ආවේ පන්සල් යන්න ඕන නිසා


මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now