47 කොටස

1.1K 181 34
                                    

රෑ අටහමාර විතර වගේ වෙද්දි මියුසිකල් ශෝ එක පටන් ගත්තා..හිතුවට වඩා වැඩේ සාර්ථකයි කට්ටියම හොදට එන්ජෝයි කරනවා..නටන අය නටනවා.. වාඩි වෙලා ඉන්න වුන් අල ගෝනි තිව්වා වගේ වාඩි වෙලාම ඉන්නවා..තවත් අය ගායකයට වඩා හොදට සින්දුව කියනවා..ඔය එකී මෙකි නොකී පිරිස අස්සේ ලෂාන් ඇවිත් 'හිත් ඔච්චම් ' කියද්දි මම හිටියේ සදෙව්ව පිටිපස්සෙන් තුරුලු කරගෙන ඒ උරහිස උඩ නිකට තියාගෙන ඇස් පියන් එයත් එක්කම තාලෙට දෙපැත්තට පැද්දෙන ගමන්...එයාගේ එක අතක් එයාගේ ඉණ වටා එතුන මගේ අත් උඩ නතර වෙලා තියෙද්දි අනිත් අතේ තිබ්බ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් ඔන් කරගෙන අනිත් අය වගේම තාලෙට දෙපැත්තට වනනවා...

ඇත්තටම ඒක බලන්න ලස්සන දර්ෂනයක්..ෆෝන් තුන්සියක හාරසියකට වඩා ෆ්ලෑෂ් ලයිට් ඔන් කරගෙන මියුසික් එකේ තාලෙට වනද්දි බලන් ඉන්න ආස හිතෙනවා...

ලෂාන් එක්කම මමත් සිංදුවේ පද මුමුණන්න ගත්තේ එයාගේ කනට ලන් වෙලා..

නුඹ එක්ක මා ඉන්නම්
නුඹේ රහස ම වෙන්නම්
මගෙ රහස නුඹ හට මං මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්


මම සින්දුව මුමුණද්දි මගේ උණුසුම් සුසුම් එයාගේ බෙල්ලේ ගැටෙද්දි එයා බෙල්ල පැත්තකට ඇල කරගත්තා.....

ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන නුඹේ රුව හෙව්වා
මම හැම රෑකම
සිත්තම් කළේ නුඹේ ආදරේ..

මම එයා ඇල කරගත්තු බෙල්ලට හාදුවක් දෙද්දි එයගේ මෙච්චර වෙලා සින්දුවේ තාලෙට පැද්දුන අත එක තැන නතර වුනා...ඒ නතර වුන අත අල්ලගත්තු මම එයාව මගේ පැත්තට හරවගෙන මගේ ඇගට හිර කරගත්තා..එයා ඇස් ලොකු කරගෙන මගෙ දිහා බලන් ඉද්දි මම මගේ දෙතොල් වලින් ඒ තොල් පෙති අල්ලගත්තා...

නොහිතපු වෙලාවක ලැබුන හාදුව නිසාම එයාගේ අතේ තිබ්බ ෆෝන් එකත් බිමට ඇතැරිලා තිබුනත් එයත් ඒ ගැන නොහිතා මගේ කම්මුල් ඒ අත්වලට තද කරගෙන හාදුව එයාගේ යටතට ගත්තා..

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now