63 කොටස

809 125 23
                                    


අපි සැනසිල්ලේ ගෙවපු දවස් අවසානයි කියන්න පෙර ලකුණු පෙන්නන්නද කොහෙද පහුගිය සතිය පුරාවටම අපිට පොඩියට ප්‍රශ්න වැටුනා වුනත් අපි පුලුවන් විදියට ඒවා ශේප් කරන්න හිටියා...ඒත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ පටන් ගත්තේ අද කැම්පස් එකට ගියාමයි...

මෙච්චර දවසක් ගෙදර මිනිස්සු එක්ක රන්ඩු කර කර හරි කැම්පස් ආපු රුචී අද ආවේ නෑ වගේම අපිට රුචීට කතා කරන්න පුලුවන් විදියකුත් නැතුව ගියේ රුචීගේ අම්මයි තාත්තයි එකතු වෙලා කෙල්ලව ගේ ඇතුලෙම හිර කරන් ඉන්න නිසා..අන්තිමට අපි රුචීට කතා කරේ විනෝද් අයියගේ මාර්ගෙන් වුනත් ඒත් අපිට වැඩි විස්තරයක් දැනගන්න නොලැබුනේ ඒ කෝල් එක ගත්තු වෙලාවෙත් රුචීගේ අම්මා රුචී ලගම ඉදපු නිසා...

පුංචියට තිබ්බ ගිනිපුපුරු ඇවිලිලා ගිහින් ලැව් ගින්නක් තරමටම වැඩි වෙලා තියෙන්නේ රුචී ගෙදරට එයාගෙයි නිදුවගෙයි සම්බන්ධ කම ගැන කිව්ව නිසා කියලයි මටනම් හිතෙන්නේ..සදෙව් කට කැඩෙනකන්ම කිව්ව තව ටිකක් ඉවසපන් ඕක කියන්න යන්න එපා කියලා කොහෙද ඉතින් අර පණ්ඩිත අම්මණ්ඩි ඔක්කොම කරලා ගෙදර මිනිස්සු එක්ක හොද අඩව්වකුත් අල්ලලා ඇවිත් තමයි අපිට විස්තරේ කිව්වේ..

ඉතින් අන්තිමට ඉල්ලගෙනම කාපු නිසා රුචීට ගෙදරටම හිර වෙලා ඉන්න වුනා..





********


"පිස්සු නටන්න හදන්න එපා සත්නිදු!
තව මාස දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ..මෙච්චර දුර ඇවිත් හැමදේම විනාශ කරගන්නද ඕන ආ"

"මට කියන්නේ රුචීව අතාරින්න කියලද ආ..උබට පුලුවන්ද සදෙව් සිත්රුවා වෙන කෙනෙක්ව කසාද බදිනවා බලන් ඉන්න..?
බැනේ..අන්න ඒ වගේ තමයි යකෝ මටත්.."

"චුට්ටක් සන්සුන් වෙයන්  නිදුවෝ.."

නිදුවා කේන්තියෙන් කෑගහද්දි මම එහෙම කිව්වත් නිදුවා නෙවෙයි සන්සුන් වුනේ..ඒකා කොණ්ඩේ දෑතින්ම ඇදගෙන හිතේ තියෙන තරහට වේදනාවට කෑ ගහද්දි මම නිදුවව බදාගත්තා..

"අනේ මට දැන් පිස්සු හැදෙන්න වගේ සිත්රුවෝ...යකෝ අදට සතියක් වෙනවා මට එයාගේ කටහඩවත් අහන්න නෑ බන්...මට හැම දෙයක්ම එපාවෙලා"

මා හදෙහි සිත්රු (TK)Tempat cerita menjadi hidup. Temukan sekarang