තව දවස් දෙකකින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙනවා...මෙදා පාර අවුරුද්දනම් මට ජයම ජයයි..මොකද මෙදා පාර මම අවුරුදු සමරන්නේ මගේ සම්පූර්ණ පවුලත් එක්කමයි...
මට දැනුයි තේරෙන්නේ මම ඇත්තටම ජීවත් වෙනවා කියලා...මට මුලින්ම ඒක දැනෙන්න ගත්තේ සදෙව් මට ආදරෙයි කිව්ව දවසේ ඊට පස්සේ මගේ තාත්තා මගේ ජීවිතේට ලන්වුනාම...මගේම අම්මා නොවුනත් මට අම්මෙක් වුන අපේ අම්මා එතකොට සදෙව්ට වගේම අයියටත් තාත්තෙක් වුන අපේ තාත්තා අපිට දෙවෙනි තාත්තෙක් වුන අපේ අයියා වගේම ඕනම වෙලාවක ලගින්ම ඉන්න අපේ යාලුවෝ දෙන්නා නෑ..ඇත්තටම උන් දෙන්නට යාලුවෝ කියන්න බෑ ඒ අපේ සහෝදරයෝ...අපේ ආච්චි අම්මා..අන්තිමට අද අපි ලග නැතත් මාව එයාගෙම සහෝදරයා කරගත්තු අපේ මස්සිනා ආ තව අපේ නේජ අයියවයි විනෝද් අයියවයි කොහොම අමතක කරන්නද ඉතින් මේ තමයි මගේ ලෝකේ මගේය කියලා මට දැනෙන ඒ පුංචි පිරිස...ඉතින් එයාලා මගේ ලග ඉද්දි මම සතුටින්
"මොනාද ඔච්චර කල්පනා කරන්නේ සුදූ"
"පහුගිය කාලේ ගැන...අපි ගැන..තව ගොඩාක් දේවල් ගැන.."
"ම්ම්..ආ එහෙනම් මේ ටිකකුත් බීලම කල්පනා කරන්න"
මගේ අතට එයා බිබී උන්න ක්‍රීම්සෝඩා බෝතලේ දීලා එහෙම කියද්දි බෝතලේ ගත්තු මම එයාගේ කම්මුලකට බෝතලේ හේත්තු කරා වෙද්දි ඒකේ සිතලට එයා මූණත් අකුල ගෙන මගේ අත එහාට කරා..
"එපා අනේ සීතලයි..බොන්නනේ දුන්නේ මන්"
"මම මේවට ආස නෑනේ බබා"
"ඉතින් කැන්ටින් එකේ මයිලෝත් නෑ කල්කිරිත් නෑ ඔක්කොම ඉවර වෙලානේ තිබ්බේ ඔච්චරයි"
"ම්හුම්...මට එපා ඔයා බොන්න..."
"අම්මෝ මෙහෙට දියන් පට්ට තිබහේ හිටියේ..තව ටිකක් හිටියනම් දිව ගිලිලා මැරෙන්නේ"
මම ආයෙත් පොඩි ක්‍රීම්සෝඩා බෝතලේ එයාගේ අතට දෙන්න ගියා වුනත් කොහේදෝ ඉදලා දාඩියත් පෙරාගෙන කලවැද්දෙක් වගේ අපි ලගට ආපු නිදුවා එක හුස්මටම බෝතලේ ඉතුරු වෙලා තිබ්බ බීම ටික බීලා දැම්මා...
"හම්මෝ නිවන් දැක්කා වගේ....කෝ චුට්ටක් එහෙට වෙයන්කෝ සදෙව්වා"
සදෙව් වාඩි වෙලා හිටිය පුටුවෙන්ම නිදුවත් උගේ පස්චාත් බාගේ තියාගනිද්දි ඉඩ නැතුව පුටුවෙන් වැටෙන්න ගියපු එයාව ඇදලා අරන් මම මගේ කකුල් දෙක උඩින් වාඩි කරගත්තා
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...