43 කොටස

1K 142 21
                                    


ආදරණීයන්ගේ වියෝව දරාගන්න අමාරු දෙයක්
ඒක මමත් අත්විදපු දෙයක්...තමන් ලගින්ම ඉදපු කෙනෙක් ආයෙත් නොඑන්නම වෙන් වෙලා යද්දි
පපුව පැලෙන්න තරන් වේදනාවක් දැනෙනවා..
කොච්චර ඇඩුවත් බෑ ඒ දුක තුනී කරගන්න

අදට වූඩි අපිව දාලා ගිහින් සතියකටත් වැඩියි..
සදෙව් වූඩිට එහෙම වුනේ එයා නිසා කියලා එයාට දොස් නගාගද්දි මට දැනුනේ ඒ හැම දෙයක්ම මම නිසා වුන දේවල් කියලා..

"එක්කෙනෙක් අතන ඉදන් හූල්ලනවා අනිත් කෙනා මෙතන ඉදන් එයා දිහා බලන් හූල්ලනවා..මොකද්ද බන් මල්ලි උබලා දෙන්නගේ මේ ජීවිත වල තේරුම?"

වූඩිගේ සොහොන ලග ඉදන් වූඩි සෙල්ලන් කරන බෝලෙකුත් අතේ තියන් දැන් පැයක් තිස්සේ ලොකු කල්පනාවක වැටිලා ඉන්න එයා දිහා ඈතට වෙලා මාත් බලන් ඉන්නවා..ගෙවුන සතිය පුරාම වුනේ ඒක මම ඈතින් ඉදන් එයා දිහා බලන් ඉන්නවා..ඒ හිතට රිදෙනවටත් වඩා මම මගේ හිත රිද්ද ගන්නවා

"කිරුළු අයියේ.."

"මට කියපන් චූටි උබලා කවද්ද කතා කරලා මේ ප්‍රශ්න විසදගන්නේ? මෙහෙන් උබලා දෙන්න විදවනවා ඒක බලන් ඉන්න බැරි අවී මම ලග අඩා වැටෙනවා..උබලට ආදරේ කරන මිනිස්සුන්ගෙ හිතටවත් සැනසීමක් දියන් මල්ලි.."

"හැමදේම මම නිසා අයියේ..මගේ වැරැද්ද මට එහෙම නොකර ඉන්න තිබ්බා මොන දේ වුනත් මට ප්‍රශ්නවලින් පැනලා නොයා ඒවා දරාගෙන ඉන්න තිබ්බා එහෙනම් අද මෙහෙම දෙයක් වෙන්නෑ.."

"දන්නවද බන් පසුතැවීම කියනදේ තමයි අපිව බාගෙට මරන්නේ...මමත් උබට වඩා ඒ දේයින් මැරි මැරි ඉපදෙන මිනිහෙක්  මල්ලි මට ඉන්න එකම සැනසීම අවී විතරයි ඉතින් මම මොනදේ වුනත් එයා වෙනුවෙන් සතුටින් ජීවත් වෙනවා මට පුලුවන් තරන් කාලයක්...මනුස්සයාට වගේම ලෝකේ හැම ජීවියෙක්ටම පොදු දෙයක් තමයි මල්ලි මරණය කියන්නේ අපිට මැරුනු අයට ආයේ පන දෙන්න බෑ
එහෙම ක්‍රමයක් තිබුනනම් මම මගේ පන දීලා හරි මගේ අප්පච්චිටයි මල්ලිටයි පන දෙනවා ආයේ දෙවතාවක් නොහිතම..ඒත් ඒක කරන්න බැරි දෙයක්  අපි හැමෝම දවසක මැරෙනවා..අපි මැරුනට මතක මැරෙන්නේ නෑ ඒවා ජීවමානයි ඉතින් අපිට පුලුවන් ඒ මතක එකක් ජීවත් වෙන්න..
සදෙව්ට හිත හදාගන්න උදව් කරන්න ඒක පුලුවන් එකම කෙනා ඔයා..මොකද වූඩිට පස්සේ එයාගේ ජීවිතේට ගොඩක් ලග ඔයා කියලා එයාගේ අයියම කියනවනම් ඒක බොරුවක් වෙන්න බෑනේ...
දෙන්නා ඉක්මනට ප්‍රශ්න විසදගන්න උබලා මේ නාස්ති කරන්නේ උබලගේ ජීවිතවල හොදම කාලේ...
මම අද ගොඩක් කතා කරා මගේ කට රිදෙනවා අරයවත් එක්කගෙන ඇවිත් මට බීම එකක් හදලා දෙනවකෝ.."

මා හදෙහි සිත්රු (TK)Donde viven las historias. Descúbrelo ahora