අද එයා ක්‍රචස් නැතුව දෙපයින් ඇවිදිනවා....ඒකත් තියන මුල් පියවරම මගේ අතේ එල්ලිලා..මට පුදුමාකාර තරන් සතුටුයි මට එයාට හයියක් වෙන්න පුලුවන් වුනා...
අයියලාගෙ පස්සෙන්ම අපි දෙන්නත් හොටෙල් එක ඇතුලට ගියා...මම මේ හොටෙල් එකට ආපු පලවෙනි වතාව..ඒක මාරම ලස්සනයි
අපි බුෆේ එක තියෙන හරියට යද්දි වැඩි පිරිසක් නොහිටියත් හිටපු අයගේ අවදානේ හරි ඉක්මනට අපිට ලැබුනා ඒකට හේතුව කිරුළු අයියා වෙන්න පුලුවන්...ඒත් නැත්තන් මේ වගේ හැන්ඩ්සම් කොල්ලෝ හතර දෙනෙක් දිහා කාටද නොබලා ඉන්න පුලුවන්කිරුළු අයියා සදෙව් මම අපි තුන්දෙනාම කලු ඇදලා ඉද්දි අයියා විතරක් සුදු ඇදලා අපි අතරින් එයාව හොදට කැපිලා පේනවා මාර දූතයෝ අස්සේ ඉන්න සුරදූතයෙක් වගේ....එයා ඉතින් කොහොමත් එහෙමනේ
සදෙව්තුයි මමයිනම් හොදට කෑවට අයියලා දෙන්නා කෑම තෝර තෝර කෑවේ...කිරුළු අයියට බෙහෙත් කරන නිසා කන්න තහනම් කෑම ජාති තියෙද්දි අයියත් ඒවා නොකා හිටියා..මටනම් ඉතින් අයියලා දෙන්නා දකිද්දි දෙන්නා අතර රෝගියා සහ වෛද්‍යවරයා වත් හොදම යාලුවොවත් අතර තියෙන සම්බන්ද කමක් නෙවෙයි පේන්නෙනම් ඊට එහා ගියපු සම්බන්ද කමක් ඇති කියලමයි මට හිතෙන්නේ එයාලව දැක්කම
එහෙම වෙනවනම් මමත් කැමතියි...කිරුළු අයියා ලග අයියා ඉන්නේ හරි සැහැල්ලුවෙන්
අපි කාලා ඉවර වෙලා හොටෙල් එකෙන් එද්දි දහය පහුවෙලා..ඒත් අපි කාටවත් ගෙදර යන්න උවමනාවක් තිබ්බේ නෑ හෙට පෝය ඉතින් අයියටත් නිවාඩු අපි කට්ටියම ගෙදර නොයා ගෝල් ෆේස් එකට ආවා...
රෑට ගෝල් ෆේස් එක නිදහස් වැඩිය කට්ටිය නෑනේ නේ අදනම් ඇත්තෙම නැති තරන් තැනින් තැන කොල්ලෝ රංචු ටිකක් ඉන්නවා එච්චරයි
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...