35 කොටස

1K 150 16
                                    

ජීවිතේට ලොකු හිස් බවක් දැනෙනවා 🥺ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම මේ කාලය ගෙවිලා යන්න කියලා 2025 ❤️‍🩹 ආයෙත් වසන්තය උදාවෙනකල් බලන් ඉන්නවා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ජීවිතේට ලොකු හිස් බවක් දැනෙනවා 🥺
ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම මේ කාලය ගෙවිලා යන්න කියලා
2025 ❤️‍🩹 ආයෙත් වසන්තය උදාවෙනකල් බලන් ඉන්නවා

ApoBangpo 💜

___________________________________

"අන්න එහෙම...බය වෙන්න එපා මාව අල්ලගෙන චුට්ට චුට්ට ඉස්සරහට එන්න.."

මම හිටියේ ඉර බැහැගෙන යන හවස් යාමේ මගේ සුපුරුදු රාජකාරිය කරන ගමන්... පොඩි හාමුව ඇවිද්දන එක තමා මේ දවස්වල මගේ විශේෂම රාජකාරිය..දැන් ගෙදර ඉන්න වෙලාවට මම වැඩිපුරම කාලේ ගතකරන්නෙත් පොඩි හාමු එක්ක
අනේ මන්දා පොඩි හාමුගෙ ලගින් ඉද්දි හිතට මාරම අමුතු හැගීමක් දැනෙනවා..හිතේ ගොඩකාලයක් තිස්සේ තිබ්බ හිස්තැනක් සම්පූර්ණ වෙලා වගේ දැනෙනවා..
පොඩි හාමු එක්ක කාලය ගත කරන එක මට සදෙව් එක්ක කාලය ගතකරනවා වගේම මාර පහසුයි..ඒකට විශේෂම හේතුව පොඩි හාමුටයි මටයි එකවගේම අදහස් තියෙන නිසා වෙන්නත් ඇති

එදා සදෙව් මට බොරු කරපු හේතුව මොකද්ද කියලා මට හරියටම හොයාගන්න බැරිවුනත් මම ආයෙත් ඒක එයාගෙන් අහන්න ගියේ නෑ...
ඒ සිද්දිය වෙලා අදට දවස් හතරකටත් වැඩියි එදායින් පස්සේ එයා ආයෙත් මට එහෙම බොරුවක් කරේ නෑ යන හැමතැනටම ඉතින් මාවත් ඇදන් යනවා..

වෙරෝන් තාමත් කැම්පස් එන්නේ නෑ ඒ නිසාම අපේ කැම්පස් ජීවිතේ තියෙන එකම සාපේ වුනේ එසයිමන්ට් තමා...දවසින් දවස ගෙවිලා ගිහින් මේ උදාවෙලා තියෙන්නේ අපේ කැම්පස් ජීවිතේ පලවෙනි අවුරුද්දේ අවසාන මාස දෙක තුන ඊට පස්සේ ඉතින්
ඊලග ෆස්ට්ඉයර් සෙට් එකට අපිත් සීනියර්ලා තමා..
එන්න එන්නම අපිට කන්න වෙන කට්ට වැඩියි
මහන්සි නොවුනොත් කවමදාවත් අම්මගේ අත්තම්මගේ හීන හැබෑ කරන්න වෙන්නේ නැති බව දන්න නිසාම මම මොන ආතල් එක ගත්තත් කරන්න ඕන වැඩ ඩික පිලිවෙලට කරගෙන යනගමන් පාඩම් කරනවා..ඇත්තටම මාව ඒ තත්වෙට ගත්තේ සදෙව් තමා වෙලාකට එයා පන්න පන්න පාඩන් කරන්න මාව ඇදන් යද්දි ඒක වදයක් වගේ දැනුනත් දැන් තමා ඒකේ වටිනාකම තේරෙන්නේ... හරියටම බැලුවොත් මගේ ජීවිතේ මෝටිවේෂන් එක තමා සදෙව් කියන්නේ..

මා හදෙහි සිත්රු (TK)Opowieści tętniące życiem. Odkryj je teraz