24 කොටස

1.2K 167 11
                                    

"මම නැතුව වලව්වෙන් එළියට අඩියක් තිව්වොත් මම උබව දඩු කදේ ගහනවා සුදු මහත්තයා.."

මටත් සද්දේ දාලා එළියට යන්න හදපු එයාගේ අතින් ඇදලා මගෙ ලගට ගද්දි එකම එකපාරක් විතරක් මගෙ ඇස් දිහා බලපු එයා ආයේ බිම බලාගත්තා...

ඇයි හැමතිස්සෙම ඔය ඇස් මගෙන් හන්ගගන්න හදන්නේ සදෙව්...උබ මට නොකියන දේ ඔය ඇස් මට කියන නිසාද..

දැන් පරක්කු වැඩියි අපූර්ව ඔය නොකියන කතාව ඔය ඇස් දෙක මට හරි අපූරුවට කියලා දුන්නා...

මන් ලගදි දිස්නෙ ගහන ඔය තද දුඹුරු බෝල ඇස් හරි හරියට මා එක්ක කතාකරනවා..යන්තම් රතුවෙන ඔය කම්මුල්..නා දලු පාට තොල්පෙතිවල මැවෙන හිනා රැල්ල වචනෙන් නොකියන හිත අස්සෙ හැන්ගිච්ච හැගීම්වලට සාක්ෂි කියනවා...

ඒ හැමදේටමත් වඩා මන් හරි ආසයි ඔය හිතේ මන් වෙනුවෙන් ඇති වෙන ඉරිසියාවට...
තමන්ගේ කියලා දැනුන කෙනෙක්ව තව කෙනෙක් එක්ක බෙදාගන්න අකමැති කමට දැනෙන ඉරිසියාව හරි ආදරණීයයි...

මම උබට හරි ආදරෙයි මගෙ පුංචි බේබි...

"ආයෙත් කියන්න බබා.."

"ම්..මොකක්ද?"

"සුදු මහත්තයා කියලා....කවුරු එහෙම කතා කරත් ඔය කටින් ඒ නම කියවෙද්දි දැනෙන හැගීම හරි අමුතුයි අපූර්ව..."

"දැන් බෑද කියන්න ම්ම්.."

එයාගේ කටින් ආයේ එක වචනයක්වත් පිට නොවෙද්දි එයාගේ නිකටෙන් අල්ලපු මම බිමට බර කරන් හිටපු මූණ ඉස්සුවම ඒ තද දුඹුරු පාට බෝල ඇස් දෙක මගෙ ඇස් දෙක එක්ක පැටලුනා...ඒවා හරි ගැබුරුයි ඒ ගැබුරු ආගාදයක් වගේ ඇස් ඇතුලේ මම මටත් නොදෙනිම ගිලිලා යනවා...

ඒවා හරි ගැබුරුයි ඒ ගැබුරු ආගාදයක් වගේ ඇස් ඇතුලේ මම මටත් නොදෙනිම ගිලිලා යනවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
මා හදෙහි සිත්රු (TK)Onde histórias criam vida. Descubra agora