අනේ සිත්රුටයි සදෙව්ටයි තවත් ලස්සන තෑග්ගක් හම්බවුනා 🥰 මේ cover එක දුන්න ඒ ආරණීය යාලුවටත් ගොඩාක් ස්තූතියි 💜
______________________________________
"මාත් එක්ක යන්...ඔයාලගෙ අයියට පොඩි
ප්‍රශ්නයක් "කිරුළු පොඩි ප්‍රශ්නයක් කියලා කිව්වත් එයාගේ වචනවලට පුලුවන් වුනා අපි දෙන්නවම කලබල කරන්න...
කිරුළුගෙන් විස්තර අහන්න වෙලාව නාස්ති නොකරපු අපි දෙන්නා ඉක්මනටම එයාගේ කාර් එකට නැග්ගම එයත් පුලුවන් තරන් ඉක්මනට අපිව ගෙදරට එක්ක ආවා...
"අයියේ.....ඔයා කොහෙද?"
ගෙදරට ඇවිත් සදෙව්ව රෝදපුටුවෙන් වාඩි කරවපු ගමන්ම එයා අපිවත් දාලා කලබලෙන් ගේ ඇතුලට යන්න යද්දි කිරුළුටත් කතා කරපු මමත් ඉක්මනට සදෙව් පස්සෙන් ගියා..
අපිට කලින් ගෙට ආවත් එයා පටිපෙළ ලග නතර වෙලා මන් එනකල් බලන් හිටියා...එවෙලේ එයාගේ ඇස්වල මහාලොකු අසරණ කමක් මම දැක්කා.... මට හිතාගන්න පුලුවන් එයාට දැනෙන හැගීම...කොච්චර හදිස්සි වුනත් එයාට ඒ පඩි ටික නැගලා අයියා ගාවට යන්න බෑ...ඉතින් ඒ ඇස්වල අසරණකමක් පෙනෙන එකේ පුදුමයක් නෑ..
උබට තව වැඩිකල් ඔහොම අසරණ වෙන්න වෙන්නැ මගෙ අපූර්ව...
සුපුරුදු විදියට එයාව මගේ අත් අතරට අරන් උස්සගත්තු මම ඉක්මනින් පඩිපෙළ නැගලා අයියගේ කාමරේට ආවා..අපේ පස්සෙන්ම ආපු සදෙව් රෝදපුටුව මම ලගින් තියද්දි මම සදෙව්ව වාඩි කරා..
අයියා ඉන්නවා එයාට නින්ද ගිහින්....නිදන් උන්න අයියගේ නළලේ ලොකු ප්ලාස්ටර් එකක් ගහලා තිබ්බා..
සදෙව් ඇද ලගට ගිහින් නිදන් ඉන්න අයියගේ ඔලුව හිමින් සැරේ අතගෑවේ හරි පරිස්සමට අයියා අවදිවෙයි කියලා බයෙන් වගේ..
එයාට එහෙම්ම අයියා ලග ඉන්න දුන්න මම කිරුළු එක්ක ආයෙ පහලට ආවා..එන ගමන් පඩිපෙල පාමුල බිම තිබ්බ අපි දෙන්නගෙ බැග් දෙකත් අරන් සෝෆා එක උඩින් තිව්ව මම කිරුළුටත් වාඩි වෙන්න කිව්වා..
ESTÁS LEYENDO
මා හදෙහි සිත්රු (TK)
Fanficඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...