75 කොටස

1K 117 33
                                    

ජීවිතේ අලුත් දවසක් අලුත් ඇරඹුමක්...

බැල්කනියේ වීදුරු දොර වැහෙන්න දාලා තිබුන දුහුල් තිර රෙදි අතරින් එන හිරු කිරණ මූණට වැටෙද්දි ඇස් පොඩි කර කරම මම අවදි වුණත්...මගේ අත් අස්සේ ගුලිවෙලා ඉන්න එයා තාම සනීපෙට නිදි...

එයාගේ මූණ දිමා බලන් උන්න මට ඉයේ රැය මතක් වෙද්දි මගේ තොල් අතරට ආපු හිනාවත් එක්කම මම එයාගේ කම්මුලකට හාද්දක් දුන්නා...

මේ ඉතින් හදවතින් වගේම ගතිනුත් මගේම වුන මගේ පන ටිකනේ.... මගේ තුරුලේ ඉන්න මේ මනුස්සයට මම පැලෙන්න ආදරෙයි....

මම තවත් හාදුවක් තිව්වා ඒ කම්මුල එබෙන්නම..

"ම්හ්ම්..."

"හ්ම්ම්...දොයියන්න..දොයියන්න.."

මගේ හාදුව නිසා චුට්ටක් දගලපු එයා අවදි වෙයිදෝ කියලා බයෙන් මම එයාගේ තට්ටමකට අතින් තට්ටු දදා දොයියන්න ගෑවේ හරියට පොඩි එකෙක්ව නිදිකරවන්න වගෙයි.. වයසින් පොඩි නොවුනත් එයා මන් ලග තාමත් පොඩි එකෙක් වගේ තමා හුරතල් වෙන්නේ...

දැන් වෙලාව කීයද දන්නෑ..බලන්න විදියකුත් නෑ ෆෝන් එකවත් ලග පාතක නෑ...ඉර අව්ව වැටිලා තියෙන විදියටනම් දැන් අටත් පහුවෙලා වගෙයි...
පට්ට බඩගින්නකුත් දැනෙනවා..හරි ඉතින් ඉයේ නටපු නැටුම්වල හැටියට පුදුමයකුත් නෑ මෙච්චර බඩගින්නක් දැනෙන එක..

එයාව ඇහැරෙන් නැතිව පරිස්සමට එයාගේ අත් අතරට කොට්ටයක් හිරකරපු මම ඇගේ නූල් පොටක් නැතුවම උපන ඇදුම පිටින්ම ඇදෙන් බැස්සා.. කාමරේ තිබ්බ ටේබල් එක ලගට ඇවිත් ෆෝන් එක බලද්දියි මට තරු පෙව්නේ...යකෝ දහයත් පහුවෙලා....

අනික අද දවස කවද්ද කියලා දැකපු මගේ හිතට සතුට වගේම දුක මුහු වුන හැම අවුරුද්දකට සැරයක්ම හිතට දැනෙන මහා අමුතු හිස් හැගීමක් දැනෙන්න ගත්තා...

අද මගේ උපන්දිනේ මගේ අම්මා ජීවිතෙන් සමුගත්තු දිනේ..ජුනි නවය..

උපන් දිනේ දවසෙම උපන් ඇදුමෙන් ඉන්නවා..
මම ඉක්මනට ඇද පාමුල වැටිලා තිබුන බාත්රොබ් එක අරන් ඇදගෙන බාත්රුම් එකට ඇවිත් මූණ හොදගත්තා... කණ්නාඩියෙන් පෙන් මගේම රුපේ පපුව පුරාවට රතු පාටින් සීරුම් පාරවලුයි බෙල්ලේ තැනින් තැන තියෙන හයිකි මාර්ක්ස් දැක්කම මූණට මහා මනමාල හිනාවක් ආවා.. ඉතින් ඉක්මනට කන්නාඩියට වතුර පාරක් ගහපු මම බාත්රුම් එකෙන් එළියට ඇවිත් හොටෙල් ලයින් එකට කතා කරලා අපිට බ්‍රෙක්ෆස්ට් ඔඩර් කරා.. ඊලගට ඇදුම් ගැන මතක් වෙද්දි ඉක්මනට ගෙන්නන් පුලුවන් ශොප් එකකින් දෙන්නටම ඇදුම් ඕඩර් කරපු මම ෆෝන් එක පැත්තකට දාලා ඇවිත් ආයෙත් ඇදට පැන්නා..


මා හදෙහි සිත්රු (TK)Donde viven las historias. Descúbrelo ahora