32 කොටස

1.1K 155 21
                                    

රන්ඩුවෙන් පස්සේ පහුවදාම අපි කැම්පස් එකට ගියේ වෙන ඕන දේකට මූණදෙන්න බලාගෙන..

සමහර විට තවත් රන්ඩුවක් ඇති වෙන්නත් පුලුවන්...අපිට පන්ති තහනමක්නම් වැටෙන එකක් නෑ කියලා හිතනවා හැබැයි කන් පිරෙන්න හොදවෙන් අහගන්න වෙයි.. ප්‍රයිවට් කැම්පස් කියලා නෑ අපි සල්ලි ගෙවලා ගිහින් ඉගෙන ගත්තත් කැම්පස් එකේ නීති කඩ කරොත් දඩුවම් ලැබෙනවා..නැත්නම් ඉතින් සල්ලි ගෙව්වා කියලා අපිට ඕන විදියට හැසිරුනොත් මේවගේ පැවැත්මක් තියේවිද

ලෙක්චර් හෝල් එකට එද්දි කපල් එක ඉන්නවා ලව් කර කර අපේ සුපුරුදු තැන අල්ලගෙන.. තැන අල්ලගන්න දෙයකුත් නෑ දැන් ඒ පේළිය අපි හතර දෙනාටම ලියලා දීලා වගේ තමා ඉතින්..

"ආ ගුඩ් ආප්ප නූල් මචන්ලා.."

"ආප්පනූල් තමා.."

අපි දෙන්නා වාඩි වෙනවත් එක්කම මෙච්චර වෙලා රුචියට ඇලිලා හිටිය නිදුවා ඇවිත් මගේ කරේ එල්ලුනා..

"මේහ් මම අපේ අයියට ඉයේ පුලුවන් තරන් බටර් ගෑවා වැඩිය අවුලක් වෙන එකක් නෑ මිනිහත් ශේප් පාරක් දායි..."

"අඩේ..උබනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් බන්.."

"ආ...ඒකට කමක් නෑ මාව අද තලප්පකට්ටි එක්ක පලයන්ලා.."

අපරාදේ මූට හොද කිව්ව කට..
මේකාගෙනම් කනබනේමයි ඇත්තට මේ නිදුවා කන කෑමට ඒවා කොහෙට යනවද දන්නෑ ඇයි ඉතින් කොච්චර කෑවත් මූ ඉදිකටු ලැංචට වඩා චුට්ටිත්තයි මහත

වෙලාව යන්න යන්න අපේ මේසේ ලගට ඇවිත් ඉයේ වුන දේ විස්තර අහන පිරිස එන්න එන්නම වැඩිවුනා..

"හොද වැඩේ දැන්වත් ඕකා පාඩමක් ඉගෙන ගනියිනේ..හිටියේ ජනාධිපතිගෙ පුතා වගේනේ"

එක කොල්ලෙක් එහෙම කියද්දි අනිත් අයත් ඒකට එකග වෙලා තව තවත් වෙරෝන්ට බැනපු එකයි දෙස් තියපු එකයි තමා වුනේ...
ප්‍රොෆෙසර් විනෝද් ආපු ගමන්ම කට්ටියටම තමන්ගේ තැන්වලට යන්න සිහි නෑ...ප්‍රොෆෙසර් විනෝද් අපිටත් එකම එක බැල්මක් දාලා ලෙක්චර් එක පටන් ගත්තා..

එතන ඉදන් ගෙවුන පැය තුන පුරාවටම අපි වෙන දේවල් ගැන නොහිතා ලෙක්චර් එකට අවදානේ දුන්නා...

මා හදෙහි සිත්රු (TK)Tempat cerita menjadi hidup. Temukan sekarang