77 කොටස

802 111 46
                                    


අපේ පලවෙනි පියවර අති සාර්ථකයි..
අපි හිතුවටත් වඩා හොදට ගින්න ඇවිලිලා ගියා..

Fb එක පුරාවටම දැන් 2016 ඒ සිද්දිය ලැව් ගින්නක් වගේ පැතිරිලා යන්න ගද්දි අපි අපේ ඊලග පියවරට ටිකෙන් ටික ලංවෙන ගමනුයි ඉන්නේ..

"මෙන්න තියෙනවා කමල් පුෂ්පකුමාරටගේ එකවුන්ට් එකේ ඩීටේල්ස්... අවුරුදු හතකට කලින් ඒ එකවුන්ට් එකේ ට්‍රාන්සැක්ශන් ඩීටේල්ස්.. ඔය මම හයිලයිට් කරලා තියෙන ටික හොදට බලපන්කෝ සදෙව්"

නිදුවා මේසේ උඩින් තිව්ව ෆයිල් එක හිමින් සැරේ චෙක් කරගෙන ගිය සදෙව් නිදුවා හයිලට් කරපු තැන නැවතුනා වෙද්දි එතන සටහන් වෙලා තිබ්බේ 2017 ආගෝස්තු 23 වෙනිදා කමල් ගේ එකවුන්ට් එකට වැටිලා තියෙන ලක්ෂ  විස්සක මුදල ගැන.. ඒ වෙනකල්ම ඒ එකවුන්ට් එකට වැටිලා තියෙන්නේ රැපියල් විසිදාහේ , තිස්දාහේ ගානවල් විතරක් වෙද්දි මෙච්චර ලොකු ගාණක් එක පාරටම ලැබුන විදිය ගැන ඕනම කෙනෙකුට සැකයක් හිතෙන්න බැරි නැනේ..
ඉතින් ඒකම අපිට නියම පොයින්ට් එකක්..

"මේක ට්‍රොන්සර් කරපු එකවුන්ට් එක ගැන හොයාගන්න බැරි වෙයිද බන්?"

මම නිදුවගෙන් අහද්දි නිදුවා ලොකු හුස්මක් පිටකරා..

"මම ඔය ඩීටෙල්ස් ටික හොයාගත්තෙත් ලොකු ගේමක් දීලා බන් මම අනිත් එකවුන්ට් එක ගැනත් හෙව්වා ඒත් මට ඒක ගැන වැඩි විස්තැයක් හොයාගන්න බැරිවුනා... ඒක තියෙන්නේ කැනඩාවේ ඉන්න ජෝර්ජ් කියලා මනුස්සයෙක්ගේ නමට.. ඔය මුලු කැනඩාවෙම ජෝර්ජ්ලා කී දෙනෙක්නම් ඇත්ද බන් අපි මෙහෙන් මැනේජර් කාරයා අදුර නිසා කමල්ගේ එකවුන්ට් එකේ ඩීටේල්ස් ගත්තට අපි කොහොමද බන් වෙන රටක එකෙකුගේ ඩීටේල්ස් ගන්නේ"

"ඒක ඇත්ත අපි බලමුකෝ කොහොම හරි මේකට ඇමති සිල්වා ගෑවුන කොණක් හරි හොයාගන්න.."

සදෙව්ගේ හඩේ තිබුනේ බලාපොරොත්තු සුන්වුන ගතියක්... අපි කමල් එක්ක කතා කරා වුනත් ඒ මනුස්සයා කියපු විදියට කමල්ට ඒ වැඩේ බාර දීලා තියෙන්නේ ඇමති නෙවෙයි වෙනත් මිනිහෙක්.. උගේ නම විතරයි අපි දන්නේ ඒකත් ඒ මිනිහා ඇවිල්ලා නම ගිය මැරයෙක්..

මා හදෙහි සිත්රු (TK)Dove le storie prendono vita. Scoprilo ora