73 කොටස

900 114 69
                                    

"මේ මල ඔයා අහකදානවනම් මම හිතාගන්නම් ඔය හිත අස්සේ මට ආදරයක් ඇත්තෙම නෑ කියලා...හැබැයි ඒ හැගීම මේ හිතට දරාගන්න බැරිවෙයි සුදු මැණික...ඔයා තීරණේ කරන්න කලින් වගේ විදපු වේදනාවන් නිසා ඉරිතැලිලා ගිහින් තිබුණ මගේ හදවතට ආදරේ කියන බෙහෙත් දීලා පරිස්සමින් බලාගත්තා වගේ බලා ගන්නවද නැත්තන් මේ ඉරිතැලුන හදවත කෑලී වලට කැඩිලා යන්නම පොඩි කරලා දානවද කියලා...ඔයා හොදටම දන්නවා සුදු මැණික හදවතක් මැරුනොත් ආයේ හුස්ම වැටෙන්නෑ කියලා"

"මගේ හුස්ම දීලා හරි මම ඔයාව ජීවත් කරන බව ඔයා දන්නවා"

"අඩන්න එපා සුදු මැණික...ඔය ඇස්වලට කදුලු හැඩ නෑ"

කිරුළු අයියා එක අතකින් තාමත් රෝස මල අල්ලගෙන ඉද්දි අනිත් අතින් අයියගේ කම්මුල් දිගේ ගලන කදුලු පිහිදුවා...

"තාමත් ඔය හිතේ මට ඉඩ තියේද?"

"කවදාවත් ඒ ඉඩ නැතිවුනේ නෑ කිරුළු"

රෝස මල අතට ගත්තු අයියා වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා පැනලා කිරුළු අයියව බදාගත්තේ කවුරුහරි ඇවිත් කිරුළු අයියව අරන් යයි කියලා බයෙන් වගේ...

වටේ පිටේ හිටපු ගොඩක් දෙනෙක්ගේ අවදානේ දැනටමත් මේ කුරුළු ජෝඩුව හොරාගෙන තියෙද්දි මම බැලුවේ නේජ අයියත් එක්ක අපේ ටේබල් එක ලගට ආපු අම්මා දිහායි මගේ එහාපැත්තේ වාඩි වෙලා ඉන්න අපේ තාත්තා දිහායි..

"දැන් ඇතිනේ ඇඩුවා...බලන්න ගොඩක් අය බලන් ඉන්නවා අවී...අර බලන්න චූටි දූත් බලන් ඉන්නවා මේ මාමා අඩන දිහා ලැජ්ජාවේ බෑ සුදු මැණික"

"අනේ යනවා යන්න.."

"කොහේ යන්නද...ආයෙනම් මාව එලවනවා බොරු..ගියත් යන්නේ ඔයාවත් ඇදගෙනමයි"

"ම්ම්...ඒක හරි ආයෙනම් ඉතින් පුතා ඔයාට යන්නනම් හම්බවෙන්නෑ..ගියත් යන තැනක මම මෙයාවත් එවනවා..මොකද අපි එපැයි හූල්ලන හැටි බලන් ඉන්න"

අම්මා  එහෙම කියද්දි අයියනම් හොරගෙඩියා වගේ කිරුළු අයියට මුවා වෙලා බිම බලාගත්තා... කපටිම නෑ මේකාත්..

"ආයේ ඔයාගේ පුතාව වචනෙකින්වත් රිද්දන්නේ නෑ අම්මා"

"ඔයා නෙවෙයි පුතේ එයාට රිද්දුවේ...ඔයාලගෙ කිසිවරදක් නෑ...දරුවොන්ව තේරුම්ගන්න බැරි ඒ කෙනයි ඔය දෙන්නවම රිද්දුවේ.."

මා හදෙහි සිත්රු (TK)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin