68 කොටස

801 120 54
                                    

ක්ෂිතිජ මායිමේ ගිලිලා යන ඉර දිහා බලන් හිටපු මගේ ඇස් ඒ දර්ශනෙන් මිදිලා එකපාරටම මගේ එහාපැත්තෙන් ඇහුන හිනා සද්දේ නිසා මගෙ ඇස්ඒ පැත්තට යොමු වෙද්දි හංස බබා මගේ බබා එක්ක මොන මොනවදෝ කියව කියව හිනා වෙනවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


ක්ෂිතිජ මායිමේ ගිලිලා යන ඉර දිහා බලන් හිටපු මගේ ඇස් ඒ දර්ශනෙන් මිදිලා එකපාරටම මගේ එහාපැත්තෙන් ඇහුන හිනා සද්දේ නිසා මගෙ ඇස්
ඒ පැත්තට යොමු වෙද්දි හංස බබා මගේ බබා එක්ක මොන මොනවදෝ කියව කියව හිනා වෙනවා..

මට දැනුනේ හරි කුතුහලයක්...ඉතින් මාත් චුට්ටත් ඒ දෙන්න ලගට කිට්ටු වෙලා එයාලගේ මෙච්චර හිනා යන රස කතාවට ඇහුන්කන් දුන්නා

"ඔයා දන්නැනේ මාමී..දාසක් අපේ තාත්තියා අප්පච්චියි චූටි තාත්තියි සන්ඩු කරා කියලා ඒ දෙන්නටම පනිෂ් කරා.."

"ඇත්තට...හොදම වැඩේ තමා..ඉතින් මොකද්ද තාත්ති දුන්න පනිෂ්මන්ට් එක?"

"හී..හ්.. ඒක තමා..තාත්ති මෙච්චරක් පොල් ගෙඩි දුන්නා අප්පච්චිටයි චූටි තාත්තිටයි ගාන්න කියලා"

හංස බබා මූණටත් එක එක කෝලම් කර කර මහා ලොකු දෙයක් වගේ රස කර කර එයාගේ අප්පච්චියි චූටි තාත්තයි තාත්තගෙන් දඩුවම් විදපු හැටි කියද්දි
සදෙව්තුත් ඒවා අහන් හිටියේ හරි ආසාවෙන්..

"ඕහ්..පොල් ගෙඩි පහක් ගාන්න දුන්නද..පව් හැබැයි පුතාගේ අප්පච්චියි චූටි තාත්තියි.."

" පව් තමා හනේ...හංස බබාට බලන් ඉන්න බෑනේ අප්පච්චි දුක් විදිනවා..ඉතින් හංස බබා ගිහින් ආච්චම්මව එක්කන් ආවා...ඒත් අනේ ආච්චම්මා කිව්වනේ තාත්තිට  තව පොල් ගෙඩි දෙකක්ම ගාවන්න පුතා අපිට දොදලක් හදාන්න පුලුවනි කියලා"

ඒකටනම් සදෙව්ට විතරක් නෙවෙයි මටත් හිනා යද්දි හංස බබාත් අත් දෙකෙන්ම කට වහගෙන හිනාවෙන්න ගත්තා.... ඇත්තමයි පහන් අයියලගේ ගෙදර කාටවත්ම පාලුනම් දැනෙන්නේ නැතුව ඇති ඇයි ඉතින් මේ කතා පෙට්ටිය හංස බබා ඉන්නවනේ..
මේ ගෙවුන පැය කීපෙට සදෙව් හංස බබාගේ හොදම යාලුව වෙලා දවල් හොටෙල් එකේදි මගේ අතේ එල්ලිලා හිටපු කොලු පැටියට මාව අමතකයි..

මා හදෙහි සිත්රු (TK)Tempat cerita menjadi hidup. Temukan sekarang