76 කොටස

887 114 35
                                    

ජීවිතේ අපි දේවල් කරන්නේ යම්කිසි අරමුණක් ඇතුව...

අද මම ලෝයර් කෙනෙක් වෙලා ඉන්නේ මගේ අම්මගේ හීනේ හැබෑ කරන්න ඕන කියන අරමුණ නිසා...

ඒ වගේම මම සදෙව්ගෙනුත් දවසක් ඇහුවා එයා ඇයි ලෝයර් කෙනෙක් වෙන්න හිතුවේ කියලා... එදා මට උත්තර නොදුන්න සදෙව් මේ ලගදි දවසක මට ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නා... ඉතින් අන්න ඒ උත්තරෙත් එක්ක අපේ ජීවිතේට අලුත්ම අරමුණක් එකක් එකතු වුනා...

සදෙව් අද ලෝයර් කෙනෙක් වෙලා ඉන්නේ එකම එක අරමුණක් වෙනුවෙන්...

"මම ආස කරේ තාත්තා අයියා වගේම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි..ඒත් මගේ ඒ හීනේ යටපත් කරගත්තු මම මගේ තාත්තගේ මරණේ වෙනුවෙන් පලියගන්න ශක්තිමත් වෙන්න ඕන කියලා තීරණේ කරා..ඉතින් මගේ තාත්තගේ මරණෙට හරිම වැරදි කාරයොන්ට දඩුවම් දෙන්න තියෙන හොදම විදිය මමම ලෝයර් කෙනෙක් වෙන එක කියලා මගේ හිතට දැනුන දවසේ ඉදන් මම ඒ වෙනුවෙන් මහන්සි වුනා... ඩොක්ට කෙනෙක් වෙන හීනේ මරලා දාපු මම ලෝයර් කෙනෙක් වෙන බලාපොරොත්තුවට පන දුන්නා.."

"ඔයා කියන්නේ තාත්තගේ මරණේ ඇක්සිඩන්ට් එකක් නිසා වුන එකක් නෙවෙයි ඒක මිනී මැරුමක් කියලද?"

"ඔව්...ඒක කරේ කවුද කියන්නත් මම හොදට දන්නවා..."

එයාගේ වචනත් එක්ක මාව ශොක් වුනා...

"ඔයා හිතනවා ඇති දැනන් හිටියනම් මම ඇයි ඒ බව ඒ නඩුව වෙලාවේ නොකිව්වේ කියලා?"

එයා මගේ හිත කියෙව්වා වගේ මගේ හිතේ තිබුණ ප්‍රශ්නෙම මගෙන්ම අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවා...

"ඒකාලේ මට ඒ තිරිසන්නු එක්ක හැප්පෙන්න තරන් හයියක් තිබුන්නෑ...ඒත් දැන් එහෙම නෑ...මට අනිවාරෙන්ම පුලුවන් මගේ පලිය ගන්න මගේ තාත්තා වෙනුවෙන් වගේම නැතිවුන තවත් ජීවිත ගොඩක් වෙනුවෙන් මට යුක්තිය ඉෂ්ට කරන්න පුලුවන්...
මම ඔයාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි අභී මගේ හයියට මාත් එක්ක ඉන්න"

"ඔයාට මගෙන් ඉල්ලීම් කරන්න පිස්සුද බබා...මම හැමදාමත් ඔයා ලගින් ඔයාගේ ශක්තිය වෙලා ඉඕන දේකට ඔයත් එක්ක ඉන්නවා"


මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now