82 කොටස

693 106 26
                                    


ගොඩ කාලෙකට පස්සේ කැම්පස් එකට ආවේ..ඒත් තාමත් හැමදෙයක්ම ඉස්සර තිබුන විදියමයි කිසි වෙනසක් නෑ...ඉතින් හරි හුරුපුරුදු බවක් හිතට දැනුනා....

මම ඇවිත් ඉන්නේ කියලා වෙරෝන්ට් මැසේජ් එකක් දැම්මම ඒකට වෙරෝන්ගෙන් රිප්ලයි එකක් ආවේ ලයිබ්‍රිය එහා පැත්තේ තියෙන ලොකු කොහොඹ ගහා ලගට එන්න කියලා..

ඒ කැම්පස් කාලේ අපි හතර දෙනා නිතරම සෙට් වෙන තැන...එතන හරි නිදහස් වැඩිය කවුරුත් ලැවසෙන්නෑ ඒ හරියේ

මම එතැනට යද්දිත් වෙරෝන් ඉන්නවා කොහොඹ ගහා වට කරලා බැදලා තිබ්බ කොට ගල් බැම්ම උඩ වාඩි වෙලා.... මාව දැකපු වෙරෝන් මා එක්ක ලාවට හිනාවෙද්දි මාත් ඒ හිනාවට වඩා අඩුත් නැති වැඩිත් නැති හිනාවක් දුන්නා..

"උබ ඔය ජොබ් එකට අමතරව තවත් ජොබ් එකක් කරනවද? රෑට නිදිමරන"

"ඇයි උබ එහෙම අහන්නේ?"

මම ගිහින් වෙරෝන්ගෙන් ටිකක් එහාට වෙලා බැම්මේ වාඩි වෙද්දි මගේ මූණ දිහා බලන් හිටපු ඌ එහෙම ඇහුවා වෙද්දි මන් ඇස් හීනි කරගෙන උගේ දිහා බැලුවේ මේ මොන හරුපයක්ද අහන්නේ කියලා හිතාගන්න බැරුව

"බලපන්කෝ උබගේ මූණේ හැටි...ඇස් යට කලු වෙලා අර කෙල්ලෝ ඇස් වල උලන ඒවා හේදිලා ගිහින් වගේ හරියට"

මම උට රවලා අහක බලාගත්තා...මූ දැන් මට මේ හදිස්සියෙම එන්න කියලා තියෙන්නේ මගේ මූණ බලන්නද ගොං උලමා..

"කියන්න තියෙනවා කිව්ව දේ කිව්වනම් හොදයිනේ..මට ඉක්මනට ගෙදර යන්න ඕන"

මම එහෙම කියද්දි වෙරෝන් මට මහා නක්කල් හිනාවක් දැම්මා

"ගෙදර ගියා කියලා වැඩක් නෑනේ..මොකද සදෙව්වත් ඉන්නවා කියලද..බොරුව නොදා ඉදපන් සිත්රු"

"උබ කොහොමද සදෙව් ගෙදරද නැද්ද දන්නේ?"

"උබට ඔයිට වඩා ලේසියි සදෙව් ඉන්න තැන දන්නවද නැද්ද ඇහුවනම්.."

"වෙරෝන්...වටේ නොයා කියන දේ කියපන්..මට තව වැඩ තියෙනවා"

මම තරහින් කියද්දි වෙරෝන් නෙවෙයි මගේ තරහා ගණන් ගත්තේ..උට හරි හිනා..
ඇත්තටම මූ ගුලිකාලවත්ද මෙච්චර හිනා වෙන්නේ

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now