84 කොටස

777 111 69
                                    


අත් දෙකට මාංචු දාපු රටම දන්න සෞඛ්‍ය ඇමති  මාධ්‍යවේදින් මැද්දෙන් බොහොම අමාරුවෙන් ගැලවිලා ගිහින් බන්ධනාගාර බස් එකට නගින හැටි මමයි සදෙව්තුයි දුරින් ඉදන් බලන් හිටියා

අන්තිමට ඒ මනුස්සයට හිමිවිය යුතු හරිම තැන ලැබුනා....
මිනීමරුවෙක්ට මරණ දඩුවම පණවන්න ඕන..ඒත් කරපු පව්කාරකම් වලට මිනිහට මරණ දඩුවම හොද වැඩියි...ඉතින් අන්තිම හුස්මපොද හෙලන තුරාවටම තමන්ගේ පව්කාරකම්වල වන්දිගෙවන්න සිල්වට සිද්ද වේවි....

බන්ධනාගාර බස් එක නොපෙනී යද්දි මම සදෙව් දිහා බැලුවා.....
එයාගේ මූණේ සැහැල්ලු බවක් පේන්න තියෙනවා...

"දේව් බබා..."

"හ්ම්ම්.."

"ඔයාට කොහොමද දැනෙන්නේ?"

"ලොකු නිදහසක් දැනෙනවා සුදූ...මට ඒක කියන්න තෙරෙන්නෑ..මෙච්චර කල් මගේ ඔලුව උඩ තිබුන ලොකුම ලොකු බරක් නිදහස්වුනා වගේ දැනෙනවා... මට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ"

"එහෙනම් මටත් ඕන එච්චරයි...
ඔයා ඔයාගේ වගකීම ඉෂ්ට කරා..පුතෙක් විදියට වගේම අවංක නීතිඥවරයෙක් විදියටත්"

මම එයාගේ ඔලුව අතගාලා එහෙම කියද්දි බර හුස්මක් පිටකරපු එයා මා එක්ක හිනාවුනා..

"ගෙදර යමුද දැන්?"

"යන්න කලින් වෙරෝන්ට කතා කරොත් හොද නැද්ද?"

මම එහෙම අහද්දි එයත් හා කියන්න ඔලුව වැනුවා...

අපි පාර්කින් එකට යද්දි වෙරෝන් ඉන්නවා පොලිස් ජීප් එකට හේත්තුවකුත් දාගෙන..

"මන් ඒත් බලන් ඉදලා බැරිම තැන යන්න කියලා හැදුවේ..රාජකාරී ගොඩගැහිලා දැන්"

"oic සර්ගේ වටිනා කාලයෙන් ටිකක් වෙන් කරන්න පුලුවන් වෙයිද?"

"අනිවාරෙන්ම ලෝයර් මහත්තයෝ"

ගරු නම්බු දීලා කතා කරාට මොකද මේ ඩබලම කතා කරේ ගහාගන්න වගේ වෙද්දි මම චුට්ටක් එහාට වුනා...

වෙරෝන් අපි උදේ වාඩි වෙලා උන්න බංකු තිබ්බ පැත්තටම යද්දි ඒ පස්සෙන් සදෙව්තුත් යන්න ගියා වුනත් එයා ආපහු හැරිලා ඇවිත් අහක බලාගෙන ඉන්න මගේ අතකින් ඇද්දා

මා හදෙහි සිත්රු (TK)Tempat cerita menjadi hidup. Temukan sekarang