06 කොටස 💜

1.6K 210 15
                                    

"කොහොමත් පරාජිතයොන්ට උරුම පැනලා දුවන එක විතරයි...ඕ මිස්ටේක් අබ්බගාතයොන්ට දුවන්න බෑනේ..."

මම හිතන්නේ සදෙව්ට තමන්ගේ කේන්තිය පාලනේ කරගන්න පුලුවන් වුනාට මට මගේ තරහව පාලනේ කර ගන්න බැරි වුනා
.
.
.

"මොකද්ද යකෝ කියන්නේ උබ ආ?..."

මම ඒ අසික්කිත කතාව කියපු එකාගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අල්ල ගනිද්දි
ඒකා එක්ක හිටපු අනිත් එවුන්ටික කෑ ගහගෙන මගෙ ලගට ලන් වුනත් ඒ ගැන ගානක් නොගිය මම දත්මිටි කාගෙන අල්ලන් හිටපු එකාගේ ඇස් දිහා තනි කෙලින් බලන් හිටියේ තවත් සදෙව්ට වචනයක් කිව්වොත් මූණ කුඩුවෙන්නම ගහනවා කියලා හිතාගෙනයි

මම ඒ අසික්කිත කතාව කියපු එකාගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අල්ල ගනිද්දි ඒකා එක්ක හිටපු අනිත් එවුන්ටික කෑ ගහගෙන මගෙ ලගට ලන් වුනත් ඒ ගැන ගානක් නොගිය මම දත්මිටි කාගෙන අල්ලන් හිටපු එකාගේ ඇස් දිහා තනි කෙලින් බලන් හිටියේ තවත් සදෙව්ට වචනයක් කිව්වොත් මූණ ක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕක නතර කරන්නවා... සිත්රු!!! "

සදෙව් මට කෑ ගහලා කිව්වත් මට ඕන වුනේම අරුගේ දත් දෙකක් ගලවන්න

"හහ් මේ බලපල්ලකෝ මූට දැන් Bodyguard කෙනෙකුත් ඉන්නවනේ...මේ ඕයි උබ දන්නවද මම කවුද කියලා"

"ඇයි මම උබව දැනගන්න උබ මහා ලොකු සෙලිබ්‍රිටිද?"

"උබගේ කට වැඩියි පොඩි එකා හරි...ඇතැරපන් මගෙ ෂර්ට් එක මගෙන් කන්නේ නැතුව තෝ"

"මමනම් බඩ පිරෙන්න කලා ඉන්නේ මේ තව කන්නනම් ඉඩ නෑ ඒත් ඉල්ලන් කන්න එනවනම් හොදට කන්න දෙන්න පුලුවන් මටත්"

"උබත් මේ අබ්බගාතයගේ පවර් අරන්ද කියවන්නේ ආ"

"කවුද යකෝ අබ්බගාතයා..."

මගෙ ඉවසීමේ සීමාව පනිද්දි මිට මෙලවුන මගේ අත ගිහින් නතර වුනේ අරුගේ මූණේ වෙද්දි වැදුන පාරේ සැරට ඒකා බිමට වැටුනා

ඒත් එක්කම ඒකාගේ එවුන් මට ගහන්න කියලා
ආවත්

"තව එකෙක් හරි අතක් පයක් ඉස්සුවොත් බලාගෙනයි... එතකොට වෙරෝන් තමුන්ට තමුන්ගේ මේ හැසිරීම ගැන තමුන්ගෙ තාත්තා දැනගන්න ඕන නැතිනම් හොද හිතින් මෙතනින් යනවා තමුන්ගේ යාලුවෝ ටිකත් අරගෙන"

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now