74 කොටස 🔞

1.4K 117 28
                                    

............

"අපි කසාද බදින්න කලින්ම හනිමූන් යන්නද හදන්නේ අයිය බබා"

රතු පාටින් සරසලා තිබුන කාමරේ දැකපු මම පුදුමෙන් එයාගෙන් එහෙම ඇහුවා වුනත් ඒකට උත්තරයක් විදියට මට ලැබුනේ හොද ටොක්කක්..

හරි නරකයි අෆ්ෆා මේ අයිය බබා..

මාවත් එක්කන් කාමරේ ඇතුලට ආපු එයා දොර ලොක් කරලා කාමරේ ලයිටුත් දාලා මගේ සාක්කුවේ තිබ්බ මගේ ෆෝන් එකයි එයාගේ සාක්කුවේ තිබ්බ එයාගේ ෆෝන් එකයි කා එකේ යතුරයි ඔක්කොම කාමරේ තිබ්බ ටේබල් එක උඩින් තියලා එයා දාන්න ඉන්න සපත්තුත් ගලවලා පැත්තකින් තියලා
ඇදේ වාඩි වෙලා උන්න මගේ ලගට ඇවිත් මගේ සපත්තු දෙකත් ගලවන ගමන් මට කාමරේ ගැන කරුණු පැහැදිලි කරන්න ගත්තා..

"හනිමූන් යන්නත් කෙලින් ඉන්න පුලුවන් වෙන්න එපැයි..මෙන්න මෙහෙ එනවා සුදූ... මේ මහා රෑ ඔක්කොම කාමර බුකින් මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒකත් ඒ වෙඩින්ග් එක කැන්සල් වෙච්ච නිසාලු"

"ආ...මම කෙලින් මේහ්...ඕන්නම් අයිය බබා කියන්න සීරුවෙන් සිටි! කියලා...මම ඉන්නම් සීරුවෙන්"

ඇදේ වාඩි වෙලා උන්න මම ඉක්මනට නැගිටලා කෙලින් වෙලා සීරුවෙන් ඉන්න හැදුවා වුනත් මටම දැනුනා මම ටිකක් විතර වැනෙනවා කියලා..ඒක ඉතින් එච්චර අවුලක් නෑ පන තියෙන මිනිස්සුනේ අපි කොහොමත් වැනෙනවා තමා..

මම මාවම සාදාරණීයකරණය කරගද්දි එයා මම ඇදන් උන්න බ්ලේසර් එකත් ගලවලා දැම්මා

"මැට්ටා.. මෙහෙ එන්න වෙරි හිදෙන්නත් එක්ක නාමු"

"ඒහ්....පිස්සුද මේ සීතලේ මටනම් බෑ නාන්න...ඔයා හදන්නේ අපේ තාත්තාගේ සුදු පුතාව අයීස් කුට්ටියක් කරන්නත අයිය බබා?"

"විකාර නොකර එනවා සුදූහ්..."

"ඒහ්හ්හ්........එපා....එපා...මට නාන් බෑ....අනේහ්...අතැරපිය..අයිය බබාහ්....හ්හ්...ඔයා මානව හිමිකම් උල්ලංඝණය කරනවා මේහ්..
හැබැයි..මම නඩු දානෝ"

"උදේට දාන්න.."

"මොක්...ඒහ්...එපාහ්"

මම කෑ ගහද්දිම මාව බාත්රුම් එකට මරන්න ගෙනියන හරකෙක් වගේ ඇදගෙන ගියපු එයා මාව බාත්ටබ් එකට තල්ලු කරලා දැම්මා..

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now