කුරුල්ලන්ගේ කීචි බීචි නාදෙත් එක්ක උදේ ඇහැරුන මම මාව තුරුලු කරන් හොදට නිදන් ඉන්න එයාගේ මූණ දිහා බැලුවා..
මූණට වැටිලා තියෙන කෙස් රොදක් කන පිටිපස්සේ රදවපු මම එයාගේ පියවිලා තියෙන ඇස් දෙකට හාදුයක් ගානේ දීලා ඒ කම්මුලකටත් හාද්දක් දුන්නා..ටික වෙලාවක් එයා දිහා බලන් හිටපු මම එයාට අවදි නොකරම ඇදෙන් නැගිට්ටා... හදිස්සියෙන් හරි අම්මා හරි ආච්චි අම්මා හරි ආවොත් ඉවරයි තාම දෙන්නගෙම ඇගේ එක නූල් පොටක් නෑ.. මම බිම වැටිලා තිබ්බ මගේ ශෝට ඇදගෙන බාත්රුම් එකට ආවා..
මූණ සෝදගෙන ආපු මම ඇදේ වාඩිවෙලා එයාගේ ඔලුව අතගාන ගමන් එයාව ඇහැරවන්න කියලා එයාට කතා කරත් වැඩක් නෑ මේකා නෙවෙයි අවදි වෙන්නේ..බලන් ඉදලා බැරිම තැන මම ගැහුවා උඩ දාගෙන ඉන්න පස්සට හොද පාරක්..
"නැගිටපිය බබා"
"ආහ්!!.."
හිතුවට වඩා වැදුන පාර සැර වුනාද කොහෙද ඒකනේ එයා කෑ ගහගෙන නැගිට්ටේ...
"සුබෝදෑසනක් මගෙ මැණිකේ"
මම මගේ ලග තියෙන අහිංසකම හිනාව දාලා කිව්වේ එයාව ඒ හිනාවට වශී කරගන්න පුලුවන් වෙයි කියලා හිතලා වුනත් මට හොදම එකෙන් රවපු එයා ලග තිබ්බ කොට්ටෙන් හොද පාරක් දුන්නා මගේ මූණටම..
"ඉයේ ගැහුවා මදිවටද අදත් ගහන්නේ ආ?"
"හි හි කොච්චර ගැහුවත් ඇති වෙන්නෑ ඉතින්"
මම කිව්ව දේට මොකුත් නොකිව්ව එයා මට ගස්සලා බ්ලැන්කට් එකත් ඇගේ පටලවගෙන බාත්රුම් පැත්තට ගියා...
"ඇයි බබා ඔයා කොර ගහන්නේ?"
"අනේ මගේ කට අවුස්සගන්නේ නැතුව හිටපන් සුදු මහත්තයා!!"
"කෝප නොවන්න මයේ මැණිකේ...නැත්තන් මයේ මැණිකෙ වයසට යයි...එහෙම වුනොත් කොර ගහලා නෙවෙයි කොන්ද එහෙම කැඩිලයි නවතින්නේ"
"මම කිව්වා කියලා හිතාගන්නවා...ආයේ සතියක් යනකන් අතේ පිහිටම පතපන් සුදු මහත්තයා"
මටත් ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු නොදා ඉන්න බැරි කමට මම තව ටිකක් එයාව අවුස්සන්න හැදුවා වුනත් අන්තිමට වැඩේ වැරදුනා..
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...