අපි ඇවිත් පන්තියේ පැත්තකින් වාඩිවෙලා හිටියේ අතුගාන අය අතුගානකම්. අපෙ පන්තියේ ගොඩක් ලමයි අපේ ඉස්කෝලේම ලමයි වෙද්දී තවත් ටික දෙනෙක් වෙන ඉස්කෝලවලින් ආපු ලමයි වුනා.
"පොඩ්ඩක් අයින් වෙන්වද අතුගාන්න." නිකිනි මට කිව්වෙ මන් අතුගාපු තැනක වාඩිවෙලා ඉද්දි.
"මෙතන අතුගාලනෙ තියෙන්නේ." මන් කිව්වෙ එයා මගේ දිහා අමුතු විදිහට බලාගෙන අතුගාපු තැනක් ආය අතුගාන්න එන නිසා.
" නෑ ඔතන අතුගෑවෙ නෑ." එයා එහෙම කිව්වෙ ඇයි කියලා මන් වැඩිය හිතන්න ගියේ නෑ. කව්ද දන්නේ එයා ගේ එහෙම අතුගාන්න ගොඩක් කැමති කෙනෙක් වෙන්න ඇති.
"ඒ බන් එතන අතුගාලනෙ තිබ්බේ. උබ මොකටද ආයේ නැගිට්ටෙ." මෙනුවා මගෙන් ඇහුවේ මන් නැගිටලා නිකිනි ට අතුගාන්න ඉඩදීලා එයා ගියාට පස්සේ.
" මෙහෙමනේ හලෝ අපි නිකන් අනිත් අය කියන කරන ඒව ගැන හොයන්න ඕනි නෑනෙ. අනිත් එක සමහරවිට එයාට හිතෙන්න ඇති පන්තිය දෙපාරක් අතුගාන්න. මගේ ඇගේ වැදෙන්නේ නෑනෙ එයා පන්තිය අතුගෑව කියල." මන් කිව්වා.
නිකිනි කියන්නේ අපෙ ඉස්කෝලෙට පිටින් ආපු හොදට ඉගෙනගන්න ලමයෙක්. අනේ මන්ද ලගක ඉදන් එයා මගේ වැරදිමයි හොයන්නෙ. මහ අමුතු කෙනෙක්.
ටිකකින් බෙල් කරාම අපි පන්තියේ ඉදලම ගාතා කිව්වෙ අද රැස්වීම නැති නිසා. ටීචර් ටිකකින් ඇවිත් බයෝ පලවෙනි පාඩමේ අවසන් කොටස ඉවර කරේ අපි තාම උ.පෙ ට අලුත් නිසා.
"යෙතුනි සිදස්නා" ටීචර් තාම සම්පූර්ණ නම කියන්නේ අපේ නම් මතක නැති නිසා. නම් ලකුනු කරන්න අත උස්සල ඉන්නව කියපු මම පොත දිහා බලන් ඉදල ඔලුව ඉස්සුවේ ඇහුනු අනවුන්ස්මන්ට් එකට.
" නව ශිෂ්ය නායක මණ්ඩලයේ සියලුම ශිෂ්ය ශිෂ්යාවන් හැකි ඉක්මනින් පාසලේ ප්රධාන ශාලාව වෙත පැමිණෙන්න. මෙන්න නැවතත් ......"
" මේ සැරෙත් ලමයි ගොඩක් ප්රිෆෙක්ට්ලට ගිහින් වගේනෙ. හරි එහෙනම් ඔයාල ගිහින් එන්න." ටීචර් කියද්දිම නැගිටල හිටපු ලමයි දහදෙනා විතර එක්ක මායි මෙතුවයි එලියට ආවෙ මේන් හෝල් එකට යන්න.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-