CHAPTER 68

720 36 12
                                    

" ත්... තෙනූ...ශ අ...අයි...යා..."

ඒ එයා නේද? අවුරුදු තුනක්. හරියට නොදැක අවුරුදු තුනකට පස්සෙ එයා මන් ඉස්සරහ. මේක ඇත්තක්ද? එයා ඇත්තටම මන් ඉස්සරහ ඉන්නවද?

අමාරුවෙන් හැරවුන ඇග ආයෙමත් එක තැන හිර උනා වගේ මට දැනුනා. ඇස් වල තිබ්බ විල් වලින් වතුර පීල්ලක වගේ ගලාගෙන ගියේ මට ඒ ගැන හිතන්නවත් ඉඩ නොදී. පපුව රිදෙන නොරිද්දෙන ගානට දැනෙද්දි මගෙ එක අතක් පපුවට තද උනා.

මට වඩා අඩි පහක් විතර දුරින් හිටපු එයාගෙ මූණ මට පෙනුනෙ අදුරට. මොකද එයා ලයිට් කණුවට පිටුපාලා හිටියේ. හැබැයි ඒ රූපෙ මට ඒ අදුරෙ අදුනගන්න බැරි වෙන්නෙ නෑ. මන් එයාව දැකලා තියෙන්නෙම මහ රෑ කට්ට කලුවරේ.

එයා උස ගිහින්. කොන්ඩෙ වැවිලා කන දෙපැත්තෙන් මූණට වැටෙනවා. ඉස්කෝලෙ කාලෙ වගේ මූණෙ ශේප් එක තියෙද්දි අදුරෙ උනත් ඒ ඇස් දිළිසුනා.

මගෙ කැඩිච්ච වචන ටිකත් එක්ක එයාගෙ මූණට ආවෙ හරි ලස්සන හිනාවක්. දෙයියනේ මන් ඒක දැක්කෙ කොච්චර කාලෙකින්ද? මට ඒ හිනාව කටහඬ ඒ රූපෙ කොච්චර මතක් උනාද?

මාව එක පාරටම පුරුදු ඒත් කාලෙකින් නොලැබුන උණුහුමකට ඇදිලා ගියෙ පළවෙනි තප්පරෙම මන් ඒ උණුහුමට ලෝබ කරද්දි. ඒ අත් දෙක මගෙ වටේ එතුනෙ මගෙ මූණ ඒ උරහිසෙ වදිද්දි. මගෙ අත් දෙක මගෙයි එයාගෙයි පපුව අතර හිර උනේ මට එයාගෙ සුවද, එයාගෙ පුරුදු ස්පයිසස් සුවද අවුරුදු ගානකට පස්සෙ මට ආයෙ දැනෙද්දි. මන් මේ සුවද කොච්චර හෙව්වද? මීට සමාන සුවදවල් මට ඕනි තරම් දැනුනත් ඒ එක සුවදක්වත් එයා ගාවින් එන සුවදට සමාන උනේ නෑ.

එයාගෙ අත් දෙක තාම සීතලයි. මගෙ ටී එක අස්සෙන් මට ඒ සීතල ටිකෙන් ටිකෙන් උණුසුම් වෙනවා දැනෙනවා. මගෙන් ගලන් යන කදුලු එයාගෙ ටී ශර්ට් එකේ උරහිස තෙමද්දි මට ඇහුනෙ එයාගෙන් ආව ලා හිනාවක සද්දෙ.

මන් ඉන්නෙ වෙනම ලෝකෙක වගේ. මන් හරියටම එයා ගාව. අවුරුදු ගානකට පස්සෙ මන් ඒ උණුහුම අස්සෙ ගුලි ගැහිලා. වෙන කාගාවවත් නොදැනුන හැගීම ගොඩකින් මාව වටවෙලා. මම එයාගෙ ලෝකෙ අස්සෙ හිරවෙලා ඒකෙන් එන්න බැරි තරමටම.

කණාමැදිරි එළිWhere stories live. Discover now