" ම්... කොහොමද යෙතුනි?"
" අහ් හොදින් ඉන්නවා. කාලෙකින් නේද ඉස්කෝලෙ ආවෙ?"
" ඔව්. ගොඩක් අය එන්නෙත් නෑනෙ කොහොමත්."
" අපි එන්න එපැයි හැමදාම."
" ම්ම්... මට ඔයාට දෙයක් කියන්න ඕනි."
" මොකක්ද?"
" ආම් සොරි යෙතුනි..."
මන් හිටියේ ඉස්කෝලෙ ප්රයිස් ගිවින් එකට ලෑස්තිවෙන ගමන්. ඒකේ අනවුන්සින් වලට මායි සේමින්දි නන්ගියි සිතලුයි කල්ප මල්ලියි ඇජෙන්ඩා චෙක් කරන ගමන් හිටියේ. ඒ තුන් දෙනා එහෙම ඉද්දි මන් ස්ටේජ් එක පැත්තට ආවෙ ඒකේ වැඩ බලන්න. මන් මෙනුවා එක්ක ඒක කර කර ඉද්දි තමා මට නිකිණි කතා කරේ. කොහොමත් මේ කාලෙ වෙද්දි ඒ ලෙවල් ළමයි ඉස්කෝලෙ එන එක අඩු කරන කාලෙ. අපේ එක්සෑම් ඩේට් අගෝස්තු වලටම වැටෙන නිසා තව ටික කාලයයි. අයියලගෙ රිසාල්ට්ස් තව ආවෙ නෑ. මේ පාර ප්රයිස් ගිවින් එක දාලා තිබ්බෙ දෙසැම්බර් මුලට. කොන්සර්ට් එක නම් කරලා ඉවර කරේ සතියකට විතර කලින්. නිකිණි මන් එක්ක අර තිබ්බ හේතු රහිත තරහ අමතක කරලද නැද්ද කියල නම් මන් දන්නෙ නෑ හැබැයි දැක්කම හිනා උනා. මාත් ඉතින් හිනා උනේ හේතුවක් නැතුව හිනා නොවී ඉන්න බැරි නිසා. මෙනුවා මන් දිහයි නිකිණි දිහයි බලලා මට ඔලුව පොඩ්ඩක් හොලවලා එහාට ගියා. මෙයා සොරි කියන්නෙ මොකටද කියන එකට නම් මට ලොකු අයිඩියා එකක් තිබ්බෙ නෑ. එයා මගෙ මූන දිහාම බලන් කිව්ව නිසා ඒකෙ බොරුවක් තිබ්බා කියන්නත් බෑ.
" ඒ මොකටද?"
" ම්ම්... හැමදේටම වගේ."
" ඔයා කියන්නෙ මාත් අර අනිත් පැත්තට ඔයාට බැනපු එක ගැන නම් සොරි කියන්න ඕනි නෑ. ඒක ඒ දවස්වලම ඉවර උන නිසා මන් අමතක කරා."
" ඒත් සොරි යෙතුනි. ඔයාට කතා අහන්න උනා ඒ නිසා."
" ඒක ඉවරනේ දැන්. අනිත් එක කැලුමුත් මට සොරි කිව්වා. මන් ඒක ඒ කාලෙම අමතක කරා."
" හ්ම්.. මට කිව්වා."
" කව්ද?"
" කැලුම්. ඔයාට සොරි කිව්ව එක ගැන."
" ඔයා දැනන් හිටියද ඒක ගැන?"
" ඔව්. ම්ම්ම්... එයා රට යන්න කලින් ඔයාට සොරි කියලා යනවා කියලා ගියේ මට."

YOU ARE READING
කණාමැදිරි එළි
Storie d'amore" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-