"අද කට්ටියම මෙහෙ වගේනේ." අයියා හෙල්මට් එකත් අතේ තියාගෙන අපිව දැකලා දොරකඩ ගාව ඉදලම ඇහුවා.
අපි ඔක්කොම වොශ් දාල ටීවි එක ඉස්සරහ වාඩි වෙලා හිටියේ. ගෙවල් වලින් ඇදුම් ගෙනත් තිබ්බ නිසා ලොකු අවුලක් නෑ. ඔක්කොම ශර්ට් එකක් එක්ක ශෝටක් ගහන් හිටියේ පිස්සන් කොටුවෙන් පැනපු පිස්සො ටිකක් වගේ.
" හලෝ.... අයියණ්ඩිය. කෝමද සැප සනීප?" චනා සෝෆා එකේම ඉදන් අතුත් දික් කරන ඇහුවා.
" ඉන්නවා. ඉන්නවා බන්. කාලෙකින්නෙ දැක්කෙ. උදේ කතා කරන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ." අයියා පඩිපෙල ගාවට වෙල කිව්වා.
"ඔව්නෙ ඉතිම්. දැන් ඔයාල විස්ව විද්යාල ශිෂ්යයොනෙ. කතා කරන්න වෙලා නෑනෙ." චනා අනිත් පැත්තට කිව්වා.
" ඕන් කිව්වා කතාවක්. මන් දැන් කතා කරන්නෙ නැද්ද තොපිලට?..."
" හරි හරි අයියා. ඔයා ගිහින් දැන් ඇදුමක් දාන් එන්න. අපි ෆිල්ම් එකක් බලමු. එහෙම හොදයිනේ? " මන් මහා වාග් සන්වාදය නතරකරා.
" ඒ බන් අයියා තව උස ගිහින්ද මන්දා නෙ?" මිහි ඇහුවේ උඩට යන අයියා දිහා බලන්.
" ඔව්නේ. මේ කෙල්ලෙක් එහෙම නැද්ද බන් යෙතුවො තාම?...." නෙතු ඇහුවා.
" අනේ මන්දා බන්. කියන්නෙ නෑ. ඉන්නවනම් කියයිනෙ කියල මාත් ඉන්නවා. කැම්පස් එකෙ කෙල්ලො නැතිවද බන්."
" ආහ්හ් ලමයි ඇවිත් මේ තේ ටික බීල හිටියනම්. දොදොල් තියෙනවා." කිරිඅම්මා කෑම කාමරෙට කතා කරා.
" අඩො දොදොල් තියෙනවලු. අයින් වෙයන් මට යන්න." චනා මෙනුවවත් තල්ලු කරන් ගියේ පෙරේතකමට.
" අනේ මගේ සුදු කිරිඅම්මෙ ඔයා නම් ඇත්ත්ටම සුදුයි." චනා කිරිඅම්මටත් බටර් ගගා දොදොල් කනවා.
" කොහෙන්ද කිරිඅම්මෙ දොදොල්?" මාත් තේ එක අරන් දොදොල් කෑල්ලක් ගත්තා.
" කල්පනී දුව දුන්නා දෝනි. එයාගෙ අක්කා අරන් ආව කියල කිව්වෙ."
" උදෙත් තිබ්බ බන් තේ මෙසෙට දොදොල් කන්න බැරිඋනානෙ." චනා දෙවෙනි කෑල්ලද කොහෙද කටට දාගන්න ගමන් කිව්වා.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-