" අඩෝ අපේ කොස්ස නෑ බල්ලෝ..."
" උබ හොදට බැලුවද?"
" ඔව් ඔව් බන්. එහා පැත්තෙ උන් ඉස්සුවද දන්නෙ නෑ."
" බලමු බලමු ගිහින්. උන්ගේ වැඩේ ඕක උස්ස්න එක."
ඕක ඉතින් සාමන්ය පන්ති වලියක්නේ. තාම හතවත් වෙලා නෑ. පන්ති අතුගාන්න ඕනි. අපිට බනින්න එන්නෙ කෙලින්ම ටොප් බෝඩ් එකනෙ. ඇයි අප්පා උන් පහළනේ ඉන්නේ. දනංජය කෑගහද්දි ලිහිණිත් ඒකට පොහොර දැම්මා.
" ඒකේ නෑ බන්."
" දහතුනේ දෙකේ බලපන්."
" නෑ යකෝ. මන් බලන් ආවේ."
" මොකාද එතකොට අපේ කොසු ඉස්සුවේ"
" පහළට අරන් ගියාද දන්නෙ නෑ."
" අඩේ යෙතුනි වරෙන්කෝ යන්න. අපි තනියෙන් ගියොත් උන්ගෙන් පලු යන්න අහගන්නවා."
" ඉතින් බන් අපි යන්නෙ අපේ කොසු ටික ගන්නනෙ."
" අනේ බන් උන්ගේ කටවල් ලැට් වලවල් වගේ. වචනයක් කතා කරොත් කුණුහරුපයක්."
මෙහෙමනේ අපිට අපි හරි. අනිත් ඔක්කොම වැරදි. විශේශයෙන් කොස්ස සම්බන්ද වෙද්දි. ඇයි යකෝ අපි සල්ලි දාලා නමුත් ගහන් ඉන්න කොසු වෙන උන්ට අරන් යන්න දෙන්න පුලුවන්ද? මාසෙකට දෙපාරක් මේ වලිය ගියෙ නැත්තන් ඒක ඉස්කෝලයක් නෙවේ. පන්සලක්. මාත් ලිහිණියි දනංජයයි එක්ක ආවෙ නිලක්ශවත් ඇදන්. රණ්ඩුවක් ගියොත් ගහගන්න පුලුවන් එකෙක් ඉන්නත් එපැයි. අපි හතර දෙනා විතරයි හිටියේ ක්ලාස් එකේ මෙනුවා ගියා ඩියුටි. මන් හිටියේ අද මාත් අතුගාන්න ඉන්න නිසා. වෙනදට නම් මන් හිටියෙ නැතත් අද හිටියා. මන් ඉන්න දවසට මොකක් හරි බාල්දියක් තමා. අපි පහළට ඇවිත් මැත්ස් එකේ මිහීලගෙ එහා ක්ලාස් එක බැලුවා. අපි බලද්දි එක කොල්ලෙක් අපේ සප්තලම් කොස්ස තියන් කොසු පදිනවා කකුල් දෙක මැද්දෙ දාන්. ඇයි යකෝ තෝ හැරි පොටර්ගේ පුතාද කොසු පදින්නේ.
" අඩෝ වලිදු දීපන් බන් අපේ කොස්ස ඔය."
" මොන මේක. අනේ පල යන්න දනා පච හලන්නේ නැතුව. අපෙ පන්තියේ දැන් මේ කොස්ස සතියක් විතර තියෙනවා."
" අඩෝ ඔහොම බොරු හලන්න එපා බන්. බලපිය ඕකෙ නමත් ගහලා තියෙන්නෙ."

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-