අයියයි මායි ගෙදර එද්දි ආප්ප පාර්සල් එකකුත් අරන් ආවෙ ආයෙ උයන්න අපි දෙන්නගෙම හිතේ අදහසක් නැති නිසා. ගෙදර ආවට පස්සේ ඇවිත් තිබ්බ කෝල් ටිකට ආයෙ කෝල් කරල විස්තරේ කිව්වෙ එයාලත් කිරිඅම්මට ආදරේ නිසා. වොශ් දාලා මහ මූසල ගතියකින් පිරිලා තිබ්බ කුසියේ මේසෙන් අපි දෙන්නා වාඩිවෙලා ආප්ප කන්න ගත්තෙ මට නම් ආප්ප කන එකත් එපා වෙලා වගේ තියෙද්දි.
" සුදු දෝණි අතගගා ඉන්න එපා. කන්න හොදට තාම එකයිනෙ කෑවෙ."
" මට කියන්නෙ. අයියත් එච්චරනෙ. ඔය පේන්නෙ. ආප්පයක් කෑලි කෑලි කරලා."
" මූසලයි වගේ දෝණි."
" මටත් එහෙමයි. එයා මෙතන වැටිලා හිටිය මතක් වෙනවා අයියා."
" හරි හරි. දැන් ඒක අමතක කරන්න. කිරිඅම්මා හොදින්නෙ දැන්. අහ්... මට කියන්නකො ශාරදා මෑම්ගෙ කතාව."
" අහ්... මන් ඊයෙ එද්දි තෙනූශ අයියා එක්ක අම්මව බලන්න ගියා එයා අසනීපෙන් නිසා. ඊයෙ කන්න ඉන්නත් බැරි උන නිසා අද දවල් ගියා. එතකොට තමා කිව්වෙ අම්මා කියන්න කියලා."
" අකමැත්තක් තිබ්බෙ නෑ නේද?"
" නෑ අයියා. අම්මා බලන් ඉද්දි මට හිතුනෙ හරියට අම්මි මන් දිහා බලන් ඉන්නවා වගේ එකක්."
" හ්ම්... එහෙනම් හොදයි. අර ඩබලත් ඇවිත් හිටියනෙ."
" ඔව්නෙ. මේඝ අයියට වටේ පිටේ ඇවිදින්න ඕනිලු. නිලක්ශ නම් ආවෙ අම්මව බලන්න. මේඝ අයියගෙ අම්මා ෆොරිනර් කෙනෙක්ලුනෙ."
" අහ්... දෝණි ඔයාට මතකද නාත් අයියව. පොඩි අයියගේ යාලුවා."
" ම්හ්... අර නිල් ඇස්කාරයා." මන් කාලෙකට කලින් දැක්ක කෙනාව මතක් කරා.
" අන්න හරි. මේඝ කියන්නෙ එයාගෙ මල්ලි."
" එහෙමත් එකක්ද? ඒක නෙවේ අයියා..."
" හ්ම්..."
" නෙතූ හොදින් නේද?"
" ඇයි දෝණි එහෙම අහන්නෙ?" අයියා මන් දිහා පුදුමෙන් වගේ බැලුවා.
" මට අමුත්තක් දැනෙනවා අයියා. කිරිඅම්මට මෙහෙම උනා. අනිත් අය නම් මොකක් හරි උනොත් මට කියනවා. ඒකි එහෙමවත් කියන්නෙ නෑනෙ. මට බයයි."
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-