ඉන්ටවල් එකේදි අපි ඔක්කොම එකට කන්න ආවා.
" ආහ්හ්...මේ.. මට කියන්න අමතක වුනා. කල්පනී ටීචර්ගේ අක්කගෙ පුතා මේ දවස් වල එහෙ ඉන්නෙ. මේ යකා අද උදේ මන් එද්දි අච්චර ඉඩ තියෙන පාරෙ මගේ පැත්තට කපලා ගියා කියහන්කෝ. හැබැයි මොන වුනත් සුපිරි බයික් එකක්. ටීචර් කිව්වෙ අපෙ ඉස්කෝලෙ යන්නෙ කියලා." මන් විස්තරේ කිව්වේ බත් දෙකක් ඉවර වුනාට පස්සෙ.
" අපෙ ඉස්කෝලෙ නම් බන් අපි දැනගන්න එපැයි නේ බන්." නෙතුනි කිව්වෙ චනාගෙ බත් එකේ තිබ්බ බටු මෝජුවේ කජු කෑල්ලක් කටට දාගන්න ගමන්.
" අනේ මන්දා බන්. මන් මූන දැකලා නෑ. රූන් ගාල එනව යනවා විතරයි දැක්කේ. ඊයෙනෙ ආවෙ."
කාල අපි එලියට ආවෙ තව ක්ලාස් පටන් ගන්න වෙලාව තියෙන නිසා.
" අඩෝ මේක තමා අර බයික් එක. ඒ බන් මේ දෙකම් එක වගේනෙ. පාට විතරයි වෙනස්." පාර අයිනේ නවත්තලා තිබ්බ බයික් දෙක එකම වර්ගේ වගේ වෙද්දී අවතාරෙගෙ බයික් එක තනි කලු වුනා. අනිත් එක කොල මික්ස් එකක්.
" ඒ බන් මේ honda Cbr 1000rr දෙකක්නේ. මේක නම් නිකන් දිනාල් අයියගෙත් වගේ. මට මතකයි ඌ මේකක් ගත්තා කිව්වා." චනා කිව්වෙ උගේ මහා බයික් දැනුම යූස් කරලා.
" ඒ බන් උබ කියන්නෙ මේක අයියගේ කියලද. මට බයික් එකක්නම් තියෙනවා කිව්ව තමා. මන් වැඩිය හොයන්න ගියේ නෑ ඉතින්. කාට පේන්නද දන්නෙ නෑ උස්සන් ආවෙ. මටවත් කිව්වෙ නෑ. අද ක්ලාස් කියලා විතරයි කිව්වෙ." මිහී පරල වුනේ ප්‍රේම කුමාරයගේ මහා බයික් දැවැන්තයා දිහා බලන් යන කෙල්ලෝ ටික දිහා බලලා.
" උබ ඉතින් ලොවට හොරා පෙම් කරාට බයික් එක පලි නෑනේ බන්." මෙතුව කට කොනින් හිනාවෙල කිව්වෙ මිහී උට ඔරවද්දී.
" මෙ මේක දිනාල් අයියගේ නම් අනිත් එක සිහින අයියගේ වත්ද? නැත්නම් තෙනූශ අයියගෙද?" චනා ඇහුවේ අපි ඔක්කොම උරහිස් අකුලද්දී.
" දන්නෙ නෑ බන් ගෙට එහා පැත්තෙ නේ ඉන්නෙ. කොයි වෙලේ හරි මුනගැහෙන්නෙ නැතෑ." මන් එහෙම කියල ටික වෙලාවක් කයිය ගගහ ඉදලා අපි ක්ලාස් එකට ගියේ පටන් ගන්න ලන් වෙච්ච නිසා. එතකොට කලු අවතාරෙ දිනාල් අයියා දන්න එකෙක්ද?
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-