CHAPTER 36

722 35 7
                                    

" බලහන් ගැම්ම. අපි තුන් දෙනා ඉන්න හවුස් එක අනිවාරෙන් දිනනවා."

" ආයෙත් අහලා. අපි ඉන්නවා කියන්නෙම වාසනාව මිහී."

අපි හිටියේ සෙක්ශන් මීටින් එකක. ඩියුටි ඉවර උනාට පස්සෙ පන්තියට එද්දි ළමයි ඔක්කොම සෙක්ශන් මීටින් කියලා එද්දි මාත් මෙනුවත් ඇදගෙන සයන්ස් එකේ මීටින් තියෙන තැනට ආවා. අපි එද්දි මිහීලත් ඇවිත් පෝළිම් ගැහිලා හිටියේ. මීටින් එක තිබ්බෙ මාර්තු මැද්දට වෙන්න ඒ කියන්නෙ තව මාසෙකින් එක හමාරකින් වගේ තියන්න ප්ලෑන් කරන් ඉන්න ස්පෝර්ට් මීට් එකේ හවුස් වලට බෙදන්න. හංස පරෙවි ගිරා මයුර නිවාස හතරට ළමයි බෙදද්දි මායි මිහීයි නෙතුයී තුනම හංස එකේ. මෙනුවා මයුර. චනා ගැනත් බලන්න ඕනි පස්සෙ. නිලක්ශ රෛහාන් ධනංජය වගේම ලිහිණිත් අපේ එකේ.

දොළහ දහතුන දෙකේම ළමයි මෙතන ඉන්න නිසා තෙනූශ අයියලගේ හවුසස් ටිකත් සර්ලා කිව්වා. තෙනූශ අයියා හ‍ංස, දිනාල් අයියා පරෙවි, සිහින අයියා මයුර. මිහීගෙ මූණයි දිනාල් අයියගෙ මූණයි බලන් ඉන්න තරම් ලස්සනයි. ඒ උනාට අපි එහෙම සැලෙනවද? නෑ මිත්‍රවරුනි. මිහී කොල්ලා ඒකේ හිටියා අපේ එකට තමා ෆුල් සප් එක. ඒක වෙනස් වෙන්නෙ නෑ. කොහොමත් තව සතියකින් දෙකකින් වගේ ඕක පටන් ගන්නවා මේ ටිකේ කොහොමහරි සිලබස් කවර් කරලා. ළමයි ටික ඉතුරු වෙද්දි ගුරුවරු ටික ගියේ මීටින් එකකට. ළමයිනුත් එකා දෙකා පන්ති වලට යද්දි අපි ටිකක් නතර උනේ චනාලගෙ මීටින් එකත් ඉවර වෙනවා දැක්ක නිසා.

" මචංලා මන් පරෙවි."

" අහ්... වරෙන් මල්ලෙ අපි එක ගහේ."

" ඇයි උබලා එකෙක්වත් ඒකෙ නෙවේද?"

" අපි හංස බන්. අපි තුන එකට." මන් මිහීගෙයි නෙතූගෙයි මැද්දෙන් අත් දෙක අල්ලගත්තා.

" අඩෝ ඒක බලපන්කෝ. මෙනුවා?"

" මයුර..."

" අයියලා...?"

" සිහිනයා මයුර මිදුවා හංස."

" බලපන් ඒකෙත් හැටි නේ. මේ තෙනූශ අයියේ මගෙ කෙල්ලො තුන් දෙනාව බලාගනින් ඈ."

" අපි කවද්ද බොල උබේ කෙල්ලො උනේ?" නෙතූ කෑගැහුවා.

" උබ කලබල වෙන්න එපා මල්ලි. එතන එකෙක්ව බලාගන්න මන් ඉන්නවා හොදේ." දිනාල් අයියා චනාගෙ කරට අත දැම්මා.

කණාමැදිරි එළිWhere stories live. Discover now