CHAPTER 38

675 37 1
                                    

අපි ඉස්කෝලෙ ඇවිත් හිටියට කොල්ලො කියන සෙට් එක හොයන්නවත් නෑ. අද බිග් මැච්නේ ඒකයි. ස්පෝර්ට් මීට් එකට ඉන්න ටිකක් ඔහේ ඇවිද ඇවිද හිටියත් අනිත් අය නම් නෑ. අපිත් ඉස්කෝලෙන් යද්දි යන්න සෙට් වෙලා හිටියේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකත් එක්ක.

චෙස් වලින් හවුස් එකට තුන ඇවිත් තිබුනත් තිශේන්ගේ ගෑස් නම් බැස්සුවා. ඒ උනත් අපේ හවුස් එක ආයෙ දෙකට වැටුනේ තිබ්බ තරග ටිකක් එහෙ මෙහෙ වෙච්ච නිසා. මයුර එක එකේ ඉද්දි පරෙවි තුන ගිරා හතර.

රෝඩ් ශෝ යන නිසා කොහොමත් කොල්ලො නෑ. දිනාල් අයියා උදේ ඉස්කෝලෙ ඇවිත් ආයෙ ගියා. තෙනූශ අයියව දැක්කෙත් නෑ. අපේ අයියත් කිව්වා රෝඩ් ශෝ එකට එනවා කියලා. කොහොමත් ඉතින් අද පාරෙ යන මිනිස්සු රෙද්ද උස්සන් කෑගහන්න පටන් ගන්නවා.

මන් මිහීයි නෙතුයි එක්ක ස්කූල් බස් එකට නැග්ගෙ තව ප්‍රිෆෙක්ට්ලා සෙට් එකක් වාඩිවෙලා ඉද්දි. බස් එකත් රෝඩ් ශෝ එකට සෙට් වෙලා යන නිසා අපිත් ඒකෙ යනවා වගේ තමා. හැබැයි ග්‍රවුන්ඩ් එක ළගට ගියාම කෙළින්ම ඇතුළට. ආයෙ හැරිලා වටේ ශෝ යන්නෙ නෑ.

" අඩේ අක්කලා කෝමද?" ගිහාන් මල්ලි පස්සෙ ඉදන් කෑගැහුවා.

" ඉන්නවා ඉන්නවා. කෝ ටිකක් ඉඩදෙනවා අපිටත් මේ හරියෙන් වාඩිවෙන්න." නෙතූ කඩාගෙන බිදගෙන පස්සට ගියා. අපිත් එයාගෙ පස්සෙම ගියා.

" නෙතූ අක්කා ඩොල්කිය ගන්නවද?"

" කෝ දෙන්න කල්ප. අයියලා එකෙක්වත් නැද්ද බන්?"

" නෑ අක්කා. ඔක්කොම දඩුමොණරු උඩ. අපි තමා පාසල් බස් රථය තුළ."

" මොකෝ උබව කාවවත් ගන්න බෑ කිව්වද?"

" ඔව්නේ යෙතුනි අක්කා. ඉඩ නෑ බන්."

ඒ තමා කල්ප ටූ. එක වගේ නම් තියෙන උන් වැඩීනෙ. නෙත්මිලා, කවීශලා, තරිදුලා... ඒවගේ තමා.

බස් එක ස්ටාට් කරලා ඉස්කෝලෙන් එළියට දැම්මට පස්සෙ තමා අපි දැක්කෙ තිබ්බ වාහන ගොඩ. බයික්ස්, ජීප්ස්, කාර් හෙන ගොඩක්. මන් රෝඩ් ශෝ යන පළවෙනි වතාව. මැච් එකට ගියාට මේ වැඩේට නම් මන් එක සැරයක්වත් ආවෙ නෑ. මහා හෝන් සද්දෙත් එක්ක පාරට වාහන ටික දැම්මම පාරෙ මිනිස්සුන්ගේ කට කනේ. කොච්චර බැන්නත් ඉස්කෝලෙක ගැම්ම පෙන්නන්න රෝඩ් ශෝ එකකට ළාවට හරි පුලුවන්. ඉස්කෝලෙ ළමයි වෙලාවකට අපේ සමිත සර් වගේ සර්ලා, ඕල්ඩ් බෝයිස්ලා ඔය ඔක්කොම එකතු උනා කියන්නෙම ඉස්කෝලෙ ගැම්ම වැඩි කරන දෙයක්.

කණාමැදිරි එළිWhere stories live. Discover now