CHAPTER 42

206 14 1
                                    

" අඩේ ඕයි කට්ට ඇනෙනවා බන්. හිමින් ගහපන්."

" නටන්නෙ නැතුව ඉන්නවා යෙතූ. තෝ මේවා ඉල්ලන් කාපුවා."

" පලයන්න බන්. මන් කොහෙද ඉල්ලන් කෑවෙ.කළින් දන්නවනම් මන් එ පැත්ත පලාතෙ යන්නෙ නෑ."

" හිටපන් ගෑණියෙ දගලන් නැතුව. කට්ට ඇනුනම කියන්න එපා ඕයි මිහී සිදෙනවා කියලා."

" ඕක ඉක්මනට ගහපන් බන්. අරුන් ටික මාව කන්න බලන් හිටියේ තව ලෑස්තී නෑ කියද්දි. බොලාට නම් මොකද රෙද්දෙ ඇන්දා චීත්තෙ ඇන්දා. මන් නෙ කුමාරිහාමි වගේ මේවා පටලන් වටේ යන්න ඕනි."

" අපි පළි නෑනෙ තෝ මේ සරුවාල පටල ගන්නවට. අනිත් එක කළින් එන්න දැනගන්න ඕනි.මෙතන දැන් නැට්ට ගිනි අරන් දගලන්නේ."

අපි හිටියේ නැටුම් කාමරේ අස්සෙ මගෙ ඔසරියෙ කටු ගහන ගමන්. අද ඉස්කෝලෙ අවුරුදු උත්සවේ.  කරුමෙටම වගේ අනවුන්සින්ග් වලට එකෙක් මදි කියද්දි මන් ප්‍රිෆෙක්ට් රූම් එක ඇතුළේ. වාසනාවෙ තරම ගැන කියන්න මට වචන නෑ. කරුමේ කියන්නෙ මුන් අනවුන්සින් සෙට් එකට තෝරලා තියෙන්නෙ ඔසරි අදින්න. අම්මපා මට මතක් උන ඒවා කියන්න කට ඇරියනම් මට ඉස්කෝලෙ අස්වීම දෙනවා. දැන් මන් මිහීගෙ පිහිටෙන් ඔසරි අදිනවා අරහේ දිනෙත අයියලා පහන්‍යා අක්කලා මැරෙන්න හදද්දි.

මන් ඇදලා හිටියේ මෙරුන් පාට පසුබිමේ කලු මල් ගිය බතික් ඔසරියක්. කිරිඅම්මගෙ බීරලු මාලයක් උස්සන් ඇවිත් ඒකත් දාල ගුලියක් ගහලා තිබ්බ කොන්ඩෙට රතු මොකක්දෝ මන්දා මලකුත් ගහලා හිටියේ. මිහී නම් සිංහල ගෙදර් දෝණියැන්දැ. ඒකි කහ මල් ගවුමක් ඇදලා කොන්ඩේ දෙපැත්තට ගොතලා පාට පාට රිබන් ගොඩක් බැදලා. මෙනුවා සෙට් උනා දෙමළ ගෙදර තාත්තට. මන් ඌව නම් දැක්කා සුදු පාට ශර්ට් එකට අර අයිනෙන් රතු ඉරක් යන සුදු සරම වගේ එක ඇදන් ඉන්නවා නිකන් විජේ වැහිලා වගේ. ගෙවල් දෙකේ උන් ඇරුනම අනිත් අය කෙල්ලො නෝමල් ටොප් එකට ලුන්ගියක් හරි අර සරම කරකවලා මොකක්ද කරලා අදින්නෙ ගෑනු ළමයි අන්න ඒක. මිහී නම් දන්නවා ඕවගේ නම්. මට ඕව මතක නෑ බොලව්. කොල්ලො මල් ශර්ට් හරි ඔය මොකක් හරි ගැළපෙන තීම් එකක ශර්ට් එකක් ඇදලා සරම. උන් ටික එකම තීම් එකෙන් සරම් ගමු කියලා තනි කලු සරම් ගෙන්නලා. එතනම කෙල්ලොන්ට වෙනස්කමනේ. තනිකර ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් කරන නිසා අපි ඔක්කොම එහෙම. ළමයි නම් කෙල්ලො මල් ගවුම් ඇදලා කොල්ලො නම් ප්‍රිෆෙක්ට් බෝඩ් විදියමයි.

කණාමැදිරි එළිWhere stories live. Discover now