CHAPTER 49

183 14 6
                                    

අපි හිටියේ කෑම්ප් එකට ඕනි කරන බඩු ලෑස්ති කරන ගමන්. මේ පාරත් යූත් එකෙන් කට්ටිය ගෙන්නන නිසා අපි තෑගි එහෙමත් ගිය සැරේ වගේම ලැස්ති කරා. මට තෑගි ගද්දි මතක් උනේ ගිය සැරේ තෙනූශ අයියලා එක්ක ගිහිල්ලා මුලු ටවුම පුරාම ඇවිදපු එක. අදත් චනා මෙනුව මන් එක්ක ගිහාන් මල්ලියි, සියපත් මල්ලියි හිටියත් එදා වගේ හැගීමක් දැනුනේ නෑ. මොකද එයාලට එදා තිබ්බා වගේ වගකීමක් අද අපිට තිබ්බ නිසා. අපි බඩු ටිකත් අරන් ඇවිත් ඒ වැඩ ටික ඉවර කරලා ගෙදර යද්දි හවස් වෙලා. හෙටයි අනිද්දයි කෑම්ප් දාන් හිටියේ අපි සදුදා සෙරමනි එකට තියලා. සෙරමනි එක නම් ෆුල් බාරගෙන  කරන්නෙ පාස් ප්‍රිෆෙක්ට් බෝඩ් එක නිසා අපිට තිබ්බෙ මේ වැඩේ බලන්න විතරයි. මේ සැරේ නම් කෑම මුකුත් මන් බාරගත්තෙ නැත්තෙ නන්ගිලා මල්ලිලා ඔක්කොම බාරගත්ත නිසා. 

දෝණි නන්ගි උපන්දිනේ දවසට පස්සෙ දවසේ කතා කරේ එදා සිස්ටර් ඉදලා නැති නිසා. එයා මට පොඩි තෑග්ගක් එවලා තිබ්බා. ඊයෙ තමා ඒක ආවෙ. ඒක පෝට්‍රේට් ආට් එකක්. ඒක මගේ උන එක ගැන තමා හොදම දේ. පැන්සල් තුඩින් හරි ලස්සනට එයා ඒක ඇදලා තිබ්බා. මන් ඒක අයියට කිව්වා ෆ්‍රේම් කරලා ගෙනත් දෙන්න කියලා. වොශ් එකක් දාලා ඇවිත් මන් බැලුවේ මේසෙ උඩ තිබ්බ මල්ල. ඒක වටේට කලු බෝඩර් එකක් තියෙන ෆ්‍රේම් එකක් දාලා තිබ්බා. මන් ඒක අරන් මිරර් ටේබල් එක උඩින් තිබ්බා. හරි ලස්සනයි අනේ ඒක. එයාට දැන් දාහතරක්. මන් එයාව දැකලා අවුරුදු හතරකට වැඩී දැන්. ඒ උනාට තාම එයා හැම අවුරුද්දෙම මගෙ උපන්දිනේට මොනා හරි එවනවා.

මන් හෙට යන්න තියෙන ඔක්කොම ලෑස්ති කරලා ආවෙ නිදාගන්න. හෙට රෑටයි අනිද්දා උදේටයි කෑම දෙන්නේ තෙනූශ අයියලා හරියට ගිය සැරේ කේශව අයියලා දුන්නා වගේ. මට නින්ද ගියේ නෑ. හේතුවක් දන්නෙ නෑ. මන් එහෙම්ම නැගිටලා තිබ්බ හවුස් කෝට් එකත් උඩින් දාන් ඇදෙන් බැස්සා. රෑ දොළහත් පහුවෙලා. මන් එහෙම්ම බැල්කනි ලයිට් එක දාල එළියට ආවා. කලු අවතාරෙගේ කාමරෙත් ලයිට් එක දාලා. පාඩම් කරනවා ඇති සමහරවිට. හදයි තරුයි තාම දිළිසෙනවා. වෙසක් පහු උනේ ලගදිනේ. අපි ඒකට දුන්නා සව් දන්සලක්. සයන්ස් සෙක්ශන් එකෙන් නම් නූඩ්ල්ස් දන්සලක්. වෙසක් දවසෙත් ඉතින් කරේ වටේ ඇවිද්ද එක තමා. ඒ හද දැන් නම් අනිත් පැත්තට ඉවරවීගෙන යනවා අමාවක දවසකට. මන් බලන් හිටියේ අහසේ මැද්දට වෙන්න තිබ්බ හඳයි වටේ පිරිලා තිබ්බ තරු දිහයි. සීතලම සීතල උනත් මන් ඔහේ එළියට වෙලා බලන් හිටියා. මන් මතක් කරේ තෙනූශ අයියා ඊයෙ පාරෙදි හම්බෙලා කියපු ටික. ආ දැන් නම් පෙරේදා.

කණාමැදිරි එළිWhere stories live. Discover now