CHAPTER 79

573 34 2
                                    

සාලෙ නිකන් පිස්සන් කොටුව වගේ. සෝෆා එකේ කොට්ට බිම තියෙද්දි පොත් පත් හැමතැනම. මූ පාඩම් කරලද? නිලක්ශ අතේ තිබ්බ බෑග් එකත් සෝෆා එක උඩටම අතඇරලා දාලා කුසිය පැත්තට යද්දි මාත් බොකේ එකත් එක්කම බෑග් එක පැත්තකින් තියලා කුසියට ගියේ සද්ද බද්ද ටිකක් එද්දි.

" ඕයි බල්ලො. තෝ බොනවද? හිකනලා තොට මන් එනකන් ඉන්න බැරි උනාද පගෝ...?"

" අහ්... මගෙ තලු මාත්තයා. එම්කේ..."

මේ මොන මගුලක්ද මේ. කිචන් අයිලන්ඩ් එක උඩ විස්කි බ්‍රැන්ඩි නෙවේ කෙළින්ම බ්ලැක් ලේබල් අරක්කු බෝතල් දෙකක්. එකක් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා ඔහේ පෙරලිලා තියෙද්දි අනිත් එක භාගෙට ඉවර වෙලා. මේ මිනිහා මොකද මේ බොන්නෙ. එතකොට තලු මහත්තයා... කලු මහත්තයා කියලද කියන්නෙ වෙන එකක්ද? චනා සින්ක් එක පහල කබඩ් එකකට හේත්තු වෙලා කකුල් දෙපැත්තට දාගෙන බෝතලයක් එක්ක තව මොන මොනාද තියන් ගෑණි දාලා ගිය මිනිහා වගේ වාඩිවෙලා හිටියා.

" අහ්... මගෙ තුදු නෝනත් ඇවිත්නේ... කෝමැයි තුදු මැණිකෙ ගමන..."

" ඒ නිලක්ශ මට කියන්න එපා මේ ඔක්කොම මූ අමුවෙන් ගැහුවා කියලානම්." මන් කියද්දි නිලක්ශ මන් දිහාට දැම්මෙ ඒක ඇපෘව් කරන ලුක් එකක්.

" තොට බොන්න තරම් මොකද උනේ බල්ලො අපි නැති දවසට..."

" ඔහ්... ලෙට් මි ටෙ...ල් අ කුට්ටි ස්ටෝරි.... පේ ඇටෙන්සන්... ලිසන් ටු මි... ඕකේ...."

" මේන් මේ මිනිහා සින්දු කියනවා. ඕයි චනා තොට මාන්දමද බල්ලො?"

" මුට වැදිලා තියෙන්නෙ නහුතෙටම යෙතුනි."

චනා හිමින් හිමින් කබඩ් අල්ලම්ම නැගිට්ටෙ ලග තිබ්බ බියර් කෑන් එකත් උස්සන්. උදව්වට ගිය නිලක්ශව බල්ලෙක් ගානට තල්ලු කරේ බීලා බිම වැටිලා තිබ්බ කෑන් එකක පෙරලිලා නිලක්ශ ඔන්න මෙන්න නොවැටී බේරෙද්දි. මොන රෙද්දකට කෙලින් කටින් හිටගන්න බැරි වෙන්න මූ තනියම බිව්වෙ.

" ඕකේ ගායිස්... නව්. ලිසන් ටු මී... ඕකේ. අතේ බෝතලේ... ආහ්හ් නෑ නෑ... අපි සුද්ද ඉන්ගිරීසියෙන් යමු හොදේ..."

" ඒ නිලක්ශ මූ සින්දු කියන්න යන්නෙ."

" ඔන්න ඔහෙ අහන් ඉමු යෙතුනි. මේකා මොන මගුලකට කට ගොන්නක් බිව්වද මන්දා."

කණාමැදිරි එළිWhere stories live. Discover now