CHAPTER 41

178 15 3
                                    

අද මන් ඉස්කෝලෙ ගියෙ නෑ යන්න බෑ හිතුණා. ගියත් ඉතින් අස්කරන වැඩේනෙ සෙට් වෙන්නෙ. උදේ ඉදන් විකසිත එක්ක කයියක් ගහන් හිටියා. මන් දොළහට විතර අන්නෝන් නම්බර් එකට මැසේජ් එකක් දැම්මෙ හතරට විතර පන්සලේ බෝධිය ගාවට එන්න පුලුවන්ද
කියලා. ටිකකින් තම්සප් එකක් ආවා. කියන්නම් කියලා කිව්වට දැන් නම් මගෙ හාටුව හැටට හැටේ දුවනවා නිකන් බල්ලෙක් පස්සෙන් පන්නනවා වගේ. හවස් වෙද්දි මන් නාලා දිග සුදු ගවුමක දාන් කොන්ඩෙට කට්ටක් ගහගත්තා.

" මල්ලි මට උදව්වක් කරනවකෝ."

" මොකක් අක්කා?"

" මාව පන්සලට ගිහින් දානවකෝ."

" ඒත්.... ඒත්.... අක්කා ඔයා අවුලෙන්ද?"

" නෑ බන්. මට අවුල ලිහාගන්න ඕනි."

" හ්ම්ම්... යන් එහෙනම් අද අයියා බයික් එක තියලා ගියේ."

" ඒ නිසා තමා බන් කිව්වෙ. නැත්තන් බස් එකේ යන්න එපැයි. මාව මරන්නෙ නැතුව එක්ක යනවනේ."

" ඕකෙ. ආම් ඇට් යුවර් සර්විස් මයි ලේඩි."

" පල පල යන්න. ලෑස්තිවෙලා එනවකෝ අපි යන්"

මල්ලි මට ලොකු බෝ එකක් දීලා ගියා. මන් පන්සල් යන එක මෙයාලට ලොකු දෙයක් නෙවේ. මන් කොහොමත් මාසෙකට වතාවක් විතර කිසිම හේතුවක් නැතුව පන්සල් යනවා. මෙයාලා මුකුත් කියන්නෙත් නෑ. ඒකයි මන් කිරිඅම්මට කිව්වම පවා මුකුත් නොකියව්වෙ. එයාලට ඒක පුරුදුයි. මන් පර්ස් එකයි වතුර බෝතලෙයි විතරක් ගත්තෙ එහෙම්ම ඕනි ටික ගන්නවා කියලා හිතාගෙන. මල්ලි ආවට පස්සෙ හෙල්මට් එක දාල මන් එයා එක්ක ගියා. වෙනදා යන වේග බට්ටා සීන් එකේ නැතුව නෝමල් ගානට අද ගියේ. පන්සල ගාව නතරකරාම මන් බැස්සා.

" එන්න හිතෙන වෙලාවට කියන්න. හොදද?"

" හා හා බන්. පරිස්සමට යන්න ලයිසනුත් නෑනෙ."

" හ්ම්... මන් යනෝ."

මල්ලි මට හෝන් එකකුත් ගහන් ගියාම මන් හැමදාම මල් පහන් ගන්න තැනට ගියා. ඒ වයසක ආච්චිත් හිනාවෙලා මගෙ නිල් මානෙල් මිටයි හදුනකූරු, පහන් තිර, තෙල් බෝතලේ දුන්නා. මන් ඒ ටිකත් අරන් සෙරෙප්පු ගලවලා වෙහෙරට අඩිය තියද්දිම මාත් එක්ක තිබ්බ අඩියක් දිහා මන් බැලුවා.

කණාමැදිරි එළිWhere stories live. Discover now