"හයියෙන් ගහපන් බන්. ඔහොම ගැහුවොත් නම් දවසම අපිට මෙතෙන්ට වෙලා ඉන්නවෙයි." මිහින්සිගේ කට ඇරුනේ ඔන්න ඔහොමලු.
"ඔව් බන් ටිකක් වේගෙන් ගහපන් ගහට රිදෙන්නෙ නෑ" බැරිම තැන මාත් කෑගැහුවේ මුන්ට මේක තාම හරියට කරගන්න බැරිඋන නිසා.
" අනේ යකෝ උබලට නම් මොකද අපි කඩලා දෙනවා උබල කනවා. අපිනේ මේ උදේ පාන්දර නැහෙන්න ඕනි." චනාර්ග කර කර හිටපු වැඩේ පැත්තක දාල ඔරවන්න ගත්තා.
"හරි හරි බන් උබ හොදයිනේ. අනේ කඩලා දීපන්කො බන්. අර බලපන් ගොඩක් තියෙනවා ඕයි." නෙතුනි චනාට බැගෑපත් උනා.
අපි හිටියේ ඉස්කෝලෙ සියබල ගස් පේලිය ළග. තාම උදේ පාන්දර නිසා කවුරුත් නෑ වටේට පේන්න. උදේම පාසල් පැමිනීමේ ප්රයෝජන තමා මේ. සියබල පිරිච්ච එක ගහක් ගාව අපි හිටියේ කොල්ලො දෙන්න ගහට පොල්ලකින් ගහන ගමන්. සියබල පෙරෝතයෝ උන අපිට ඉතින් එකකින් දෙකකින් සෑහෙන්න බෑ. චනා ගහන පාරවල් හරි තැනට වැදෙන්නේ නැතුව ගියාම ඇතිවූ අවුල්සහගත අවස්ථාව තමා මේ.
" මේ බන් , අපි අත්තක් අදිමුද පහලට. මන් උබේ කර උඩ නගින්නම්. ඊට පස්සේ උබලා තුන් දෙනා මන් ඇදලා දෙන අත්ත ගනින්. එතකොට හරිනෙ." මෙනුශ්ක චනා දිහා බලාගෙන කිව්ව උගේ මොලේට ආපු අදහස නම් හොද එකක්.
පහල අතු වල පවා සියබල හැදිල තිබ්බ නිසා උ කියපු එක කරන්න ලේසී.
" ඔව්නේ බන්. එහෙම කරමු. කොහොමත් තව ටිකකින් කට්ටිය එන්න ගනී. සේනානායක සර් කාර් එක නවත්තන්න එන්න කලින් මේ ටික කඩාගමු." මන් කිව්වෙ අනාගතේ ගැන සිතා මතා.
" හරි එහෙනම්. නැගපන් කර උඩට. හැබැයි පුතෝ ඇගේ මඩ නම් ගාන්න එපා. ගිය සතියෙත් කන පිරෙන්න අහගත්තා ගෙදර යද්දී. මෑණියන් දොරකඩම ඉදල මාව පිලිගත්තා අර සුමන නැන්දට මගේ රෙදි සෝදනවට වඩා වැඩ තියෙනවා කියල." චනාගේ දුක්ඛිත අදෝනාව අස්සෙන්ම ඌ පොඩ්ඩක් පහලට නැමුනේ මෙතුවට කරට නගින්න උදව් කරන්න. ඔව් ඉතිම් මූ ක්රිකට් ගහන්න ගිහින් හැමදාම මඩ නාගෙනෙන නේ ගෙදර යන්නේ. පව් තමා අර සුමනා නැන්ද මැරීගෙන් මුගේ ඇදුම් වල මඩ යවනව ඇති.
චනාගේ කරේ නැග්ග මෙනුවා සියබල පිරිච්ච අත්තක් පහලට ඇද්දා. මායි නෙතුයි ඌ ඇද්ද අත්ත තව පහත් කරේ මිහීට සියබලා ටික කඩාගන්න ඉඩ දීලා.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-