CHAPTER 05

972 48 3
                                    

ගිෆ්ට් ශොප් එක ඇතුලට ගියාම ඉතින් හිතාගන්න බැරි වුනා මොනාද ගන්න ඕනි කියලා. පොඩි වටයක් වෙන් වෙලා ගිහින් ආයෙ සෙට් එකම එකම තැනකට ආවෙ මොනාද ගන්නෙ කියලා කතා කරගන්න.

" මේ, අර ටේබල් ලෑම්ප් එකක් වගේ හොද නැද්ද?" පලවෙනි අදහස ආවෙ චනාගෙන්.

" උබ අරන් දීපන් තොගෙ සල්ලි වලින්. එච්චර බජට් එකක් නෑ යකුනේ අපිට. දවස් තුනට වෙන් කරාම ඇති දෙයක් නෑ ඒකෙ. ඕල්ඩ් බෝය්ස් එකෙන් දුන්නට අපිට ශේප් කරගන්න විතරයි පුලුවන් වුත්තෝ." දිනාල් අයියට යකා ආවේස වුනා.

අපි පලි නෑනෙ සල්ලි මදි එකට සෙද්ද.

" තරහ අරන් වැඩක් නෑ දිනා. තව මොනාද හම්බුනේ ඔයාලට?" තෙනූශ අයියා ඇහුවෙ වෙන අදහසක් ගන්න.

" යූත් එකේ නිසා අපිට සයින් පෙන් එකක් වගේ දෙන්නත් පුලුවන්. හැබැයි ඒක සයිස් එක පොඩීනෙ." මෙනුව කිව්වා.

" ඔව්. ඒක හරියන්නේ නෑ. පෙනුමට තියෙන්නත් ඕනිනේ." සිහින අයියා කිව්වා.

මන් දැන් දවස් ගානක් තිස්සෙ බලාගෙන මෙතුවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙම සිහින අයියා එක්කෝ තෙනූශ අයියා. මක්කදෝ හැපනින්ග්.

" ම්ම්ම්.... අපි මග් එකක් වගේ දුන්නොත් මොකද? මන් දැක්කා මේකේ ලොකු මග් සෙක්ශන් එකක් තියෙනවා පැත්තක. බජට් එකටත් සෙට් මන් හිතන්නෙ." මන් මගේ අදහස හිමින් කියලා දැම්මා. කව්ද දන්නේ ඕකටත් මුන් පයර් වුනොත්.

" ම්ම් ඒකනම් හොදයි. මාත් දැක්කා ඒ සෙට් එකනම්. අපිට පොඩි ඩිස්කවුන්ට් එකකුත් දාගන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් යමුකෝ ඒ පැත්තට." තෙනූශ අයියා කිව්වම අපි එ පැත්තට ගියා.

මෙයා එහෙම සැර කෙනෙක් නෙවේනෙ. හොද ඇහුම්කන් දෙන්නෙක්. ගුඩ් ගුඩ්.

අපි මග් සෙක්ශන් එකට ඇවිත් තිබ්බ මග් ටික එකින් එක බැලුවා.

" මේකෙන් ගමුනේ මචන්. සයිස් එකත් හොදයි. පෙනුමත් ලස්සනයි." දිනාල් අයියා thank u ගහපු ලොකු මග් එකක් අල්ලගෙන කිව්වා. පොඩි පොඩි හාට් ගොඩක් ඒක වටේටම තිබ්බා රතු පාටින්.

" හ්ම්ම්. ඒක හොදයි තමා. මොකෝ හිතන්නෙ ලමයි ඔයාලා?" තෙනූශ අයියත් මග් එක පොඩ්ඩක් බලලා අපෙනුත් ඇහුවා.

කණාමැදිරි එළිWhere stories live. Discover now