CHAPTER 62

643 38 8
                                    

විභාගෙ ඉවර වෙලා ගෙදර ඉන්න කම්මැලි නිසාම මම ගෙවල් ළග හිටිය ඕලෙවල් කරන සෙට් එකට සයන්ස් ඉගැන්නුවා. කොල්ලො දෙන්නයි කෙල්ලො හතරකුයි. ඒලෙවල් ක්ලාස් වල පේපර් චෙක් කරන්නත් යන්න උනත් ඒ නැන්දලා මාමලා ටික ගෙවල් ළගම නිසා මාත් හා කිව්වා. ඒ එක මල්ලි කෙනෙක්ගෙ ගෙදර තමා අපි ක්ලාස් එක දාගත්තෙ.

නෙතූ නම් අයිටී කෝස් එකක් කරන්න යද්දි මිහී එයාලගෙ කම්පියුටර් ශොප් එකේ වැඩ වලට උදව් කරා. මෙනුවත් නෙතූ එක්ක අයිටි කෝස් එකට යද්දි චනා නිලක්ශ එක්ක මගඇරුනු කාලෙටත් එක්ක හරියන්න ජිම් යන්න ගත්තා. දැන් නම් දෙන්නා නිකන් බයිසිකල් හැන්ඩ්ල් ගිලලා වගේ ඉන්නෙ.

මම නම් ඔය අයිටි ඉන්ග්ලිශ් කෝස් වලට යන්නෙ නෑ. මට බෑ. ඉස්කෝලෙ ඕලෙවල් කාලෙ  පුලුවන් තරම් කාලයක් හිටියේ අයිටි ලැබ් එක අස්සෙ. ෆ්‍රී පීරියඩ් එකක් තිබ්බ ගමන් දුවන්නෙ ලැබ් එකට. ඇයි ඉතින් වයිෆයි තියෙනවා. සරුත් අපි එක්ක ෆිට්. ඉන්නවා ඇතුළට වෙලා ඉතින්. පීරියඩ් කට් කරන්න ගිය අවස්තාත් නැතුවම නෙවේ. ඉස්කෝලෙ වෙබ් සයිට් එකේ ආටිකල් රයිටස්ලා විදිහට මමයි මිහියි හිටියා. ඔක්කොම ඉන්ග්ලිශ් මීඩියම් කරපු අය නිසා අපිට ඉන්ග්ලිශ් වලත් ලොකු අවුලක් තිබ්බෙ නෑ.

කාලෙ යන විදිහ ගැන අපිට විස්තර කරන්න බෑනෙ. මේ බලන් ඉද්දි මාස හතරකටත් ලගයි තෙනූශ අයියා රට ගිහින්. දිනාල් අයියා පේරා ඉන්ජිනියරින් යද්දි සිහින අයියා මොරටු ගියා. දෙන්නා හිටිගමන් මෙහෙ ඇවිත් යන වෙලාවකට අපෙ දෙන්නත් එක්ක අපිත් යනවා කැම්පස් කතා අහන්න. අන්නෝන් නම්බර් එකෙන් තියෙන චැට් එක ෆොටෝස් වලින් පිරිලා. රෑ අහස, එහෙ පාරවල්, එයාගෙ කැම්පස් එකේ ඇතුළ. මගෙ පැත්තෙන් ගත්තොත් කලු කුමාරයගෙ, මල් වර්ග, අලුතින් ගත්ත කැක්ටස් බබාගෙ, හදපු කේක් වර්ග වල ෆොටෝස් තිබ්බා. හැබැයි එක ටයිප්ඩ් මැසේජ් එකක්වත් නෑ. ඔක්කොම සතියකට දෙවතාවක් තුන් වතාවක් මම හරි එයා හරි දාන ෆොටෝස් ටික විතරයි.

මේ පාර ඕලෙවල් කරන පොඩි සෙට් එකට පේපරේක තිබ්බ හෙණගහන ශක්ති ප්‍රස්තාරෙ ගැන කියලා දිදී ඉද්දි ආපු කෝල් එක මන් ආන්සර් කරපු ගමන් මගෙ කන බීරි වෙලා ගියා.

කණාමැදිරි එළිWhere stories live. Discover now