CHAPTER 45

685 42 4
                                    

නිවාඩුවට පස්සෙ අද ඉස්කෝලෙට එන්නත් කලින්ම මෙනුවගෙ ප්‍රශ්න පත්තරේට මට උත්තර දෙන්න උනා. මූණ ලාවට ඉදිමිලා ඇස් රතුවෙලා තිබ්බ නිසා අඩලා කියලා තේරුම්ගන්න එයාට මහ වෙලාවක් ගියෙ නෑ. ගෙදර අය නම් ඒක ගැන ඇහුවේ නෑ දන්න නිසාම. අයියා ඔලුව අතගාලා මාව බස් එකට දාන්න ආවා. ඉස්කෝලෙට ආවට පස්සෙ අනිත් තුන් දෙනාගෙත් ප්‍රශ්න කිරීම් වලට ලක් වෙච්ච නිසා මන් අප්පච්චි ගැන කිව්වා. එයාලටත් කියාගන්න දෙයක් නෑ මොනා කියන්නද ඉතින් මටවත් මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉද්දි.

එයාල තමා අයියට පස්සෙ මාව හොදටම තේරුම් ගන්න අය. දැන් දැන් නම් ඒක අස්සට තව කෙනෙක් රින්ගලා කියලා මට තේරෙනවා. මන් ටිකක් හොදවෙද්දි ඉස්කෝලෙ ගියා හය වසරට. මන් ඔහේ පැත්තක් බලන් ඉද්දි චනා ඇවිත් මගෙ උරහිස ගාවට ගොතලා තිබ්බ කොන්ඩෙ ඇද්දා. කොහෙදෝ ඉදලා කඩාපාත් උන මෙනුවා චනාගෙ කනෙන් ඇදලා තල්ලු කරා. මිහී නම් මට එහාපැත්තෙ වාඩිවෙලා හිටියේ බයවෙලා වගේ වෙච්ච දෙයින්. නෙතූත් කොහෙන්ද ඇවිත් චනාගෙ ඔලුවට ටොක්කක් ඇන්නා. මන් හිටියේ උනේ මොකක්ද කියලා තේරුම්ගන්න බැරුව. එදා ඒ වෙච්ච දෙයින් පස්සෙ චනා නිකන් ඇබලයෙක් වගේ සොරි සොරි ගගා මායි මිහීයි ඉන්න තැන හිටියේ මෙනුවා දමාගෙන රවද්දි. නෙතු ඒ දවස්වල අපෙ මොනිට්‍රෙස්. එයාගෙ වැඩේ මේ දෙන්නා ගහගන්න එක නතර කරන එක. ඉතින් අපි ටිකට එකතුවෙන්න ගොඩක් කල් ගියේ නෑ. මන් අදටත් දන්නෙ නෑ ඒවගෙ යාලුවෝ නෑ සහෝදර සහෝදරියෝ ටිකක් හම්බුනේ නැත්තන් මට මොනා වෙයිද කියලා ඉස්කෝලෙ ඇතුළේ.

චනා කියන්නෙ වලි කාපර් කෙනෙක්. මෙනුවා කරන්නෙ වලි වලට යන්නෙ නැතුව ඌ ගහගෙන ආවට පස්සෙ හොදවයින් අමතන එක. මන් නිසා චනා රණ්ඩු ඇදගත්ත වෙලාවල් මිහීගෙ පස්සෙන් ආපු කොල්ලොන්ට ගහපුවා, නෙතුට කැත කතා කියන අයට එහෙම නම් මෙනුවත් කිසි දෙයක් නොකියා උදව් කරා. මිහී තමා මට අම්මි නැති අඩුව ඉස්කෝලෙදි දැනෙන්න දුන්නෙ නැති කෙනා. අච්චර පොඩි කාලෙදි මාව නිකන් බලාගත්තේ පොඩි එකෙක් ගානට මාව දාල එයා හෙන ලොකු කෙනා වගේ. එතකොට නෙතූ, එයා මාව මගෙ අයියා තරමටම තේරුම් ගත්ත මගෙ අක්කා. එයාලට මගෙ පොඩි වෙනසක් ඇති නිකන් සීඅයිඩී එකෙන් වගේ ප්‍රශ්න කරන්නෙ. වෙච්ච දේ හරියට නොදැන මන් අවුලෙන් ඉන්නවා කියන එක විතරක් එයාලට ඇති උනා මන් එක්ක මේ අවුරුදු ගානම ඉන්න. ඉතින් මන් හරි වාසනාවන්ත කෙනෙක් මේ වගේ හරි ලස්සන නිහතමානී චරිත ටිකක් මගේ ජීවිතෙ ඉන්න එකට.

කණාමැදිරි එළිWhere stories live. Discover now